spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපි මිනිස්සුන්ගේ හදවත් වලට කිඳා බැහැලා ජීවත් වුණා.බොනිපස් ප්‍රනාන්දු

Must read

සිලෝන් තියටර්ස් නිෂ්පාදනය කළ, අප මතකයෙන් ඈත් නොවන සිරිමලී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළු වළාකුළු, ආදි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබා දෙමින් සිනමාව තුළ මතක සටහන් තැබූ ඔහු බොනිපස් ප්‍රනාන්දු. කලා ෙක‍ෂ්ත්‍රයට සම්බන්ධ ඔහුගේ මතක සටහන් හා අත්දැකීම් පිළිබඳව ඔහු දැන් පදිංචි වී සිටින නිවසේ දී අප සමග කතා බව කළ බොහෝ දේ අතරින් බිඳක් සටහන් කළෙමු.

පවුලේ තොරතුරු

මම ඉපදුනේ මීගමුවේ. මව්පියන් දෙදෙනාත් මීගමුවේ ඉපදුන අය. තාත්තාගේ නම කුරුකුලසූරිය යූසස් ප්‍රනාන්දු. සහෝදරියෝ තුන්දෙනයි. බාලයා මම. මූලික අධ්‍යාපනය හැදෑරුවේ සෙන්ට් පීටර්ස් විද්‍යාලයේ. එහි පස්වන ශ්‍රේණිය සමත් වූවායින් පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පැමිණියා සෙන්ට් මේරිස් විද්‍යාලයට. මගේ පවුලේ අය ගැන කිව්වොත් මගේ බිරිඳ නිමාලි ප්‍රනාන්දු. මට පුතාලා හතරදෙනයි. එක දුවයි.

මගේ මුල් කාලය

අධ්‍යාපනයෙන් පසුව මම සම්බන්ධ වෙලා හිටියා සංගීත කණ්ඩායමකට. ්ක පුංචි කණ්ඩායමක්. සර්පිනාව, තබ්ලාව, බටනලාව වැනි පෙරදිග සංගීත භාණ්ඩ තමයි අපි වාදනය කෙරුවේ. කාලේ හැටියට හොඳ ප්‍රසිද්ධියක් තිබුණා. අපි උත්සව වලට සින්දු කිව්වා. පසු කාලයේ දී අපි නමක් දාගත්තා මීපුර නව කලා නාට්‍ය සමාජය නමින්. නාට්‍යය පෙන්වන්න බලාපොරොත්තුවෙන් තමයි අපි එනම දැම්මේ. නමුත් නාට්‍ය කරන්න ලැබුණේ නැහැ. කණ්ඩායමේ හිටියා ඇන්ටන් ප්‍රනාන්දු, කැමිලස් පෙරේරා, විෙජ්තුංග, පවොලින් ප්‍රනාන්දු, බර්ටි අල්විස්, ක්ලෝඩ් ද සොයිසා, චාල්ස්, නෙවිල් ප්‍රනාන්දු යන අය. 1954 දී වගේ තමයි අපි එකට වැඩ කෙරුවේ. අපේ ගෘෘප් එකේ සින්දු කියමින් ඉන්නකොට එඩී යාපාව මුණ ගැසුණා. එයා මට කිව්වා සිංදුවක් ගායනා කරන්න කියලා. රේඩියෝ සිලෝන් එකේ වැඩ සටහනකට. මම ගීතයක් ගායනා කළා. කෙන් මාව පළමුවෙනි තැනට තේරුනා. කෙන් පස්සේ ජයග්‍රාහී පෙළපාලියට දැම්මා. කෙනුත් මාව තේරුණා. රේඩියෝ සිලෝන් එකේ සංගීත අධ්‍යක‍ෂක එප්‍රයිම් සාලි මහත්තයා මට කතා කරලා කිව්වා ගීත 6 ක් සූදානම් කර ගන්න කියලා. රෙකෝඩ් කරන්න.

අතරතුරේ මම රෝයල් එයාර් ෆෝස් එකේ සිවිලියන් සෙක්ෂන් එකේ රැකියාවක් කළා. ඉලෙක්ටි්‍රකල් අංශයේ. පසුව අපිට එහි රැකියාවන් අහිමි වුණා. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ සුද්දන්ව ලංකාවෙන් අයින් කරපු වෙලාවේ. පස්සේ මට අවස්ථාවක් ලැබුණා මිහිර හෝල් එකේ මැනේජර් හැටියට වැඩ කරන්න. එතැන රැකියාව කළා.

මුල්ම චිත්‍රපටියට අවස්ථාවක්

මම අර සංගීත කණ්ඩායමේ සිංදු කියන කාලේ ලැබුණා රම්‍යලතා කියන චිත්‍රපටියේ සුළු චරිතයක් රපාන්න. ක දැකලා (සිනමාස් එකේ ප්‍රඩක්ෂන් මැනේජර්) චාල්ස් පෙරේරා මගෙන් ඇහැව්වා දිගටම රගපාන්න කැමතිද කියලා. මම කිව්වා අවස්ථාවක් තියෙනවානම් කැමතියි කියලා. පස්සේ මාව එයා හඳුන්වලා දුන්නා රොබින් තම්පෝ මහත්තයාට. එයා මාව ඉන්ටර්වීව් කරලා තෝරගත්තා එයාගේ චිත්‍රපටියකට. චිත්‍රපටියේ රූගත කිරීම් තිබුණේ ඉන්දියාවේ. වෙලාවේ තම්පෝ මහත්මයා මගෙන් ඇහුවා මෙහිදී කරමින් හිටිය රැකියාවෙන් ලැබුණ වැටුප කීය ද කියලා. ෆිල්ම් එකේ වැඩ ඉවර වෙන්න මාස 06 ක් ගත වෙනවා. කාලයට අපි ඔබට ගෙවනවා රුපියල් හාරදාහක්. යන්න එන්න ටිකට් ටිකට්වලට වියදම්, කෑම, නවාතැන් වියදම් හැර කැමතිද කියලා ඇහුවා. මම කැමති වුණා. පෑමට තිබුණ ආශාව නිසා.

චිත්‍රපටිය සිරිමලී. අපි ඉන්දියාවට ගියදාට පහුවෙනිදාම ෂූටින් කරන්න සිද්ධ වුණා. ෆිල්ම් එක අධ්‍යක‍ෂණය කරන්න උන්නේ සාමි කියලා මහත්මයෙක්. එයා මට සින්දුවක් දාලා කිව්වා රපාලා පෙන්වන්න කියලා. ආකාසේ ආවාසේ සූර්යා නැගීකියන සිංදුව තමයි දැම්මේ. එයා මගේ අඩුපාඩු පෙන්වලා දීලා වැඩ පටන් ගත්තා. මාත් එක්ක එකේ රගපෑවේ සුජාතා විෙජ්සේකර. ටවර් තියටර් එකෙයි, සෙල්ලමහල් තියටර් එකෙයි තමයි සිරිමලී චිත්‍රපටිය මුලින්ම රූගත කෙරුවේ. ඉතා සාර්ථක ලෙස තිරගත වුණා. එල්ෆින්ස්ටන් එකේ දැම්මේ ටිකක් ප්‍රමාද වෙලා. කෙත් සෙන උතුරන්න පටන් ගත්තා. ප්‍රොජෙක්ටර් එකට තෙත ගෝනි දම දමා තමයි ෆිල්ම් එක පෙන්නුවේ. ෂෝ අවර්ස් නෑ. තරමටම ජනප්‍රිය වුණා.

කාලයේ අපි මිනිස්සුන්ගේ හදවත් වලට කිඳා බැහැලා ජීවත් වුණා.සිරිමලී ෆිල්ම් එකෙන් පස්සේ මම ගාල්ලේ සිරිමලී තියටර් එකේ මැනේජර් හැටියට වැඩ කළා. පස්සේ පුත්තලමේ අශෝක තියටර් එකෙත් වැඩ කළා. අතරෙදි මාව නැවත කැෙඳව්වා සුහද දිවි පිදුම  ෆිල්ම් එකට. චිත්‍රපටිය හදන වෙලාවේ දී සර් චිත්තම්පලම් එගාඩිනර් අප සමග එකතු වුණා. එයාගේ ස්ටූඩියෝ එක පාවිච්චි කරන්න.දැන් තියෙන විකට චිත්‍රපට වලට හිනා යන්නේ නෑ.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article