spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපේක්ෂා රෝහල අනාරක්ෂිතයි ?

Must read

IMG_20201013_135347

මේ ඡායාරූපය ගත්තේ, ඊයේ තම ඥාතියකු සමඟ මහරගම අපේක්ෂා රෝහලට ගිය මගේ මිතුරෙකි. ලෙඩරෝගවලින් විශේෂයෙන් ආරක්ෂා කළ යුතු පිළිකා රෝගීන්ගේ ආරක්ෂාව ගැන කිසිදු විධිමත් වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක නොවන බවට මේ ඡායාරූපය දෙස බැලූ බැල්මට පෙනේ. අඩු තරමින් මීටරයක දුරස්ථභාවය වත් පවත්වාගෙන යෑමට පිළිවෙළක් නැත.

වාට්ටුවල තත්වයද එතරම්ම කණගාටුදායක බවත්, කොරෝනා වැලඳී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ තත්ත්වයේ සිටින රෝගීන් වෙනම රඳවා තැබීමට පවා තවමත් පියවර ගෙන නැති බවත් දැනගන්නට ලැබිණි. ලියුකේමියා රෝගීන්ද සිටින 1 වන වාට්ටුවේ එවැනි රෝගීන් තිදෙනෙකු රඳවා තබා ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල තවම ලැබී නැත!

කරුණු මෙසේ තිබියදී, පෙරේදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට පැමිණි රෝහල් අධ්‍යක්ෂවරයා, රෝහලේ ආරක්ෂිතබව පිළිබඳව මහා බොරු ගොඩක් ඇද බෑ බවද එම මිතුරාගෙන්ම දැනගන්නට ලැබිණි.

දිවයිනේ සිව්දිගින්ම රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණෙන අපේක්ෂා රෝහලේ කොරෝනා පැතිර ගියහොත් ඇතිවන බිහිසුනු තත්ත්වය අමුතුවෙන් කිව යුතු නොවේ. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුය!

වෛද්‍යවරයෙකුගේ සටහන්…IMG_20201013_135315

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article