spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අහමදියා කාන්තාවන්ගේ පණිවිඩය

Must read

මුස්ලිම් කාන්තාවන් කියූ පමණින්ම අපගේ මතකයට එන්නේ සමාජය තුළ ඔවුන්ට ආවේනික සංස්කෘතියක් මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර , වැළදගත් පිරිසක්. ඔවුන් අදින පළදින ආකාරය මෙන්ම සමාජය තුළ හැසිරෙන ආකාරය වෙනස්.  නමුත් වර්ථමානය වන විට විවිධ නිකායන්ට අයත් මුස්ලිම් ජාතිකයන් අතර විවිධ ආකාරයේ වෙනස් කම් දැකගන්නට අපට පුළුවන්. ඒ වෙනස කාන්තාවන්ටත් පොදුයි.

ඉස්ලාම් ධර්මය අනුගමනය කරන ‘ අහමදියා ‘  නිකාය කියන්නේත් එලෙස වෙනස් නිකායක්. ඔවුන් විද්‍යාව පදනම් කරගෙනයි තමන්ගේ ඇදහීම් කටයුතු ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ. ඒ වගේම අහමදියා පල්ලිය කාන්තාවන්ටත් ආගමික කටයුතු වෙනුවෙන් සහභාගී වීමට මෙන්ම ආගම වෙනුවෙන් යම් සේවයක් කිරිමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අප මේ පුවත ලියන්නේ අහමදියා නිකායේ මුස්ලිම් කාන්තාවන් දින 2ක් පුරා පවත්වන අත්කම් ප්‍රදර්ශණක් පිලිබදවයි.  එය පැවැත්වෙන්නේ පෙරියමුල්ල අහමදියා මුස්ලිම් දේවස්ථාන භූමියේ ඇති ශාලාවක. මේ සදහා කුඩා දරුවන් තමන්ගේ අත්කම් නිර්මාණ රාශියක් ඉදිරිපත් කර තිබුනා. ඒ අතරම තමන් අදහන ආගම සම්බන්දව පැමිණෙන පිරිස් දැනුවත් කිරීම සදහා නිර්මාණ වූ පුවරු විශාල ප්‍රමාණයකුත් මේ ප්‍රදර්ශණයට අයත් වීමත් විශේෂත්වයක්. එ වගේම නිවසට අවශ්‍ය විවධ භාණඩ හා ඇදුම් වර්ග විකිණීම සදහා ඇති කුඩා වෙළඳ පොළකුත් මේ සදහා එක්  කර තිබීම නිසා ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙන පිරිස් වෙත තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ හැකියවකුත් මෙහිදී හිමි වී තිබෙනවා.

එලෙසම අද දිනයේදී එම ස්ථානයේදී කුඩා දරුවන්ට චිත්‍ර ඇදීමේ තරගයක්ද මෙහි පවත්වා තිබෙනවා. මෙම ප්‍රදර්ශණයේ අගය තවත් වැඩි කල අංගයක් වූයේ අද දිනයේදී එම ස්ථානයේ පවත්වා ඇති වෛද්‍ය සායනයයි. එහිදී නොමිලේ ඇස් පරික්ෂාවක් සිදු කොට නොමිලයේම ඇස් කණ්නාඩි ලබා දී ඇති අතර විවිධ  වෛද්‍ය සායන  රැසක්ද මෙම ස්ථානයේ සිදු කර තිබෙනවා.

මේ සෑම දෙයක්ම මේ ප්‍රදර්ශණය සදහා අගයන් එකතු කලත් මෙහි විශේෂම කාරණාව වන්නේ මේ සියළුම දේ සංවිධානය කර තිබෙන්නේ අහමදියා නිකායට අයත් මුස්ලිම් කාන්තාවන් විසින් වීමයි.

DSC_0112

DSC_0114
අහමදියා නිකායේ තේමා පාඨය.

DSC_0117

DSC_0125

DSC_0122

DSC_0130

DSC_0132

DSC_0145

DSC_0123

DSC_0141

DSC_0148

DSC_0137

DSC_0120
සටහන සහ ඡායාරූප – මිතිලායා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article