spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති චමල්ගේ වැඩභාරගැනිමේ උත්සවයට ගිය ආරාධිතයන් තට්ටු 19 ක් පයින්ම නැගලා …???

Must read

chamal newඊයේ පස්වරු 12.45 ට පමණ මෙසේ හදිසියේම රට පුරා විදුලිය විසන්ධිවූ අතර විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම සහ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මාධ්‍යට පවසා සිටියේ පැය දෙකක් ඇතුළත විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරන බවය.

කෙසේ වෙතත් පැය දෙකක කාලය පසුවුවත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් නොවිණි.

මේ අතර මෙම විදුලි බිඳවැටීම ඊයේ සවස ඇමැති ධුරවල වැඩභාරගත් ඇමැතිවරුන්ටද බලපෑවේය. ඇමැති චමල් රාජපක්ෂගේ වැඩ භාර ගැනීමේ උළෙලටද මෙම විදුලි බිඳවැටීමෙන් බාධා එල්ල විය. අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසින් ඔහු වැඩ භාර ගැනීමේ උත්සවය නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 19 වැනි මහලේ ඊයේ පස්වරුවේ පැවැත්විණි.

උත්සවය ආරම්භයට මඳ වේලාවකට පෙර විදුලි බිඳවැටීම සිදුවූ අතර විදුලි ජනන යන්ත්‍රය (ජෙනරේටරය) ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ වූයේ එම යන්ත්‍රයේද දෝෂයක් නිසාය. විදුලි සෝපානද ක්‍රියා විරහිතව තිබූ නිසා බොහෝ ආරාධිත අමුත්තන් 19 වැනි මහල දක්වා තරප්පු පෙළ නැග එද්දී බුද්ධ ප්‍රතිමාවක්ද රැගෙන ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් තරප්පු පෙළ දිගේ ඉහළට වැඩම කළ අයුරුද දක්නට ලැබිණි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස උත්සවය පහළ මාලයේ පැවැත්වීමට තීරණය කළ අතර විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කළ නිසා එය යළි 19 වැනි මහලේ පැවැත්වුණි යැයි අරුණ පුවත්පත වාර්තා කර තිබුණි.
(අරුණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article