spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් සභා ඉක්මනින් : බැසිල්ගෙන් මැකො ට දුරකථන ඇමතුමක්!

Must read

email sharing buttonpinterest sharing button
පළාත් සභා ඡන්දය පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීම සඳහා ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට

බලාපොරොත්තු වන බව ආණ්ඩුවේ නායකයෙක් ‘අනිද්දා’ පුවත්පතට පවසා ඇත.

ඉදිරි සති දෙක ඇතුළත දැනට ක්‍රියාත්මක පළාත් සභා ඡන්ද විමසීම් පනත අහෝසි කර, පෙර පැවති පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කොට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව එම නායකයා සඳහන් කර තිබේ.  එම පනත දීර්ඝ විස්තර ඇතුළත් නොවන, කෙටි පනතක් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

2018 ඔක්තෝබර් මාසයේදී පත් වූ නීති විරෝධී කැබිනට් මණ්ඩලයටද පළාත් සභා ඡන්ද විමසීම් පනත වෙනස් කිරීමට මෙවැනි කෙටි පනතක් සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි.

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට දේශපාලනිකව වාසි සහගත බව ආණ්ඩුවේ නායකයින්ගේ අදහස වී ඇත.

මේ අතර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට දූරකථනයෙන් දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පැවසීය.■

(ලසන්ත රුහුණගේ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article