spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇස්පෙන්නේ නැති අයට දුන් කණ්නාඩිවලින් ලක්ෂ ගාණක් ගසා කෑවේ කව්ද ?

Must read

මීගමුව මහනගර සභාවේ  පසුගිය දා පැවැති දෙවර්ෂ පුර්ණ සමරුව වෙනුවෙන් ලබාදුන් ඇස් කණ්නාඩි වලින් කිසියම් පිරිසක් මුදල් චංචා කර ඇතැයි අප මීට පෙරදි හෙළිදරව් කළෙමු.
එනම් අදාල ආයතනය විසින් රු 2600 කට  ඇස් කණ්නාඩි ලබාදි තිබුණු බව අප මීට ඉහත දි හෙළිදරව් කළෙමු.
එහෙත්  දැන් ලැබෙන වාර්ථා අනුව අදාල ආයතනය විසින් කණ්නාඩි ලබාදි ුඇත්තේ ඊටත් වඩා අඩු මුදලකටය.
කෙසේ වෙතත් එය නගර සභාව වෙතට ඉදිරිපත් කර ඇත්තේ එකක් රු 3600 ක් ලෙසිනි.
මෙම ගණුදෙනුව භාරව සිට ඇත්තේ නගරාධිපතිවරයාගේ සහ අමැති නිමල් ලංසා මහතාගේ සමිපතයන් දෙදෙනෙකු විසිනි.
ඔවුන් නමින් ප්‍රසන්න සහ ඉරංගය.
මේ අනුව රුපියල් ලක්ෂ 14 ක පමණ මුදලක්  ගෙවිමට මීගමුව මහනගර සභාව ට සිදුව ඇති අතර පසුගිය මුදල් කාරක සභාවේදි න්‍යාය පත්‍රයට පිටින් මෙය ඇතුලත් කරගනිමින් අනුමැතියද ලබාගෙන ඇතැයි වාර්තා වේ.
මහදවාලේ සිදුව ඇති මේ වංචාව සම්බන්ධයෙන් විශේෂන්ම එජාපය නියෝජනය කරමින් මුදල් කාරක සභාවේ සිටින නස්මියාර් නම් මන්ත්‍රිවරයා සුපුරුදු ලෙසින්ම මේ  නිහඬව සිට ඇත.
අපගේ අාරංචි මාර්ග සදහන් කරන්නේ නස්මියාර් මන්ත්‍රිවරයා මෙම රැස්විම පුරාවටම නිදාගෙන සිටි බවය.
මෙම වංචාව ලබන මස පැවැත්විමට නියමිත මහසභාවට ඉදිරිපත්විමට නියමිතව තිබේ.NMC 7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article