spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ සිට පැමිණි ශ්‍රිලාංකිකයන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි !

Must read

1582958900-IDH_Lමේ දිනවල ලෝකයේම කථාබහ බවට පත්ව ඇත්තේ රටවල් හරහා පැතිර යමින් ඇති මාරාන්තික කොරෝනා වෛරසය පිළිබදවය. මේ රටවල් අතුරින් ඉතාලිය සහ දකුණු කොරියාවේ ශ්‍රිලාංකිකයන්ගේද අවධානයට යොමුව ඇත්තේ ඒ රටවල් විශාල සංඛ්‍යාවක් ශ්‍රිලාංකිකයන් වෙසෙන බැවිනි .
විශේෂයෙන්ම ඉතාලියේ උතුරු දිග කොටසේ ලොම්බාර්ඩියා කලාපය මේ වන විට වැඩිම අවධාමකට ලක්ව ඇති ප්‍රදේශයයි.එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගෙන් 60% ක් පමණ දෙනා වෙසෙන්නේද මේ ලොම්බාර්ඩි කලාපය තුලය
මේ අතර පසුගියදා මෙරට මාධ්‍ය වලද අවධානය යොමු වු පුවතක් වි තිබුනේ ඉතාලියේ සිට පැමිණි ශ්‍රිලාංකිකයන් දෙදෙනෙකු කැස්ස සහ උණ රෝගයෙන් පෙළිම හේතුකොට ගෙන ෛකොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට අයි.ඩී.එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
මේ වන ඔවුන් පිලිබදව කර ඇති පරික්ෂණ වලට අනුව මේ පුද්ගලයින් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වී ඇතැයි අද දෙරණ වෙබ් අඩිවිය විසින් වාර්තා කොට තිබුණි.
මේ වන විට ආසාදිතයන් 821 ක් සමගින් මරණ 21 ක් සිදුව තිබිම තුල ඉතාලියේ තත්වය බරපතල වෙමින් තිබේ.මේ නිසාම එහි සිටින ශ්‍රිලාංකිකයන්ද බහුතරයක් දෙනා බියට පත්ව ඇතැයිද සැලවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article