spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ කුණු කන්ද තවමත් ඇවිලේ ?

Must read

IMG-20200229-WA0006IMG-20200229-WA0008මිගමුව මහනගර සභාව විසින් බැහැර කරනු ලබන කුණු කසල පිහිටි කොච්චිකඩේ කුණු කන්දේ ඊයේ රාත්‍රි කාලයේ විශාල ගින්නක් හට ගෙන තිබුණි.ගිනි නිවන රථ මහත් වෙහෙසක් දරා එය මැඩපැවැත්විමට උත්සාහ ගෙන තිබුණද අද පෙරවරුවේද එහි මාධ්‍යවේදින්ට දැකගතහැකිව තිබුනේ තවමත් ඇවිලෙමින් ඇති අයුරුය.එමෙන්ම නිරන්තරයෙන්ම දුමාරයක්ද නිකුත් වෙමින් තිබේ.එය අවට වැසියන්ට මහත් හිරිහැරයක් පවතින බවත් ස්වසන ආබාධ සහිත රෝගින් හට එය සෞඛ්‍යමය වශයෙන් අහිතකරබවත් ප්‍රදේශවාසිහු පවසති.මෙසේ කුණු කන්ද ගින්ගත් අවස්ථාවක වයෝවෘද්ධ මවක් ඇගේ ස්වසන ආබාධ තත්වය උත්සන්න වි හේතුවෙන් මියගොස් තිබුණි.මේ සියල්ල විසින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ ලොව ප්‍රකට සංචාරයක පුරවයක් වු මිගමුව නගරයේ කුණුකසල බැහැර කරලිම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරිමට මිගමුව වසර 10කටත් වැඩි කාලයක් පාලනය කළ නිමල් ලංසා ප්‍රමුඛ පාලනයට නොහැකි වි ඇති බවය.මෙවර ඇමති නිමල් ලංසාව පාර්ලිමේන්තුවට යැවිමට මනාප ඉල්ලා සිටියද කුණු ටික කළමණාකරනය කරගැනිමට නොහැකි වු අයෙකුගෙන් මිගමු ජනතාවට බලාපොරොත්තු විය හැකි තවත් දෙයක් ඉතිරිව තිබේද යන කරුණයි.

ඡායා-එම්.ඉසෙඩ්.සහජාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article