spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉහළ මාලයේ වී වගාකරන්න පුළුවන්ද?

Must read

rooftop-farming.jpg.image.784.410නාගරික ප්‍රදේශයන් වල ජීවත්වන පිරිස් විසින් තමන්ට ඇති අඩු ඉඩපහසුකම් නිසාවෙන් තම නිවසේ වහලය හෝ ඉහල මහලේ යම්කිසි වගාවක් කිරීමට මිනිසුන් මේ වන විට යොමු වෙමින් පවතිනවා. නමුත් වැඩි පිරිසක් තම ඉහල මහලේ වී වගා කිරීමට යොමු වීම දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. එයට හේතු වන්නේ ඒ සදහා වැඩි ඉඩක් අවශය වීම හා වී වගා කිරීමේ ඇති තාක්ෂණික අපහසුතාවයනුයි.

නමුත් ඉන්දියාවේ ජීවත්වන ගෘහණියක්  අම්බිකා සියළුදෙනාගේම බිය දුරුකරමින් ඇගේ නිවසේ ඉහලමාලයේ ඇති කුඩා ඉඩ ප්‍රමාණයක ඉතාමත් සාර්ථක ආකාරයෙන් වී වගාව කරගෙන යමින් සිටිනවා. ඇයගේ මේ ක්‍රියාවලිය හේතුවෙන් අළුතින් ඉහල මහලේ  වගාවන් කිරීමට යොමුවන පිරිස්වෙත තිබූ දුර්මතයන් හා සැකයන් දුරුවෙන්නට පටන් ගෙන තිබෙනවා.

තම නිවසේ ඉහල මහලේ සියගණනක් කුඩු වගා බදුන් තැබූ අය එවාට හුනුගල් මිශ්‍රණයක් ගැල්වූ පොල්ලෙලි දාමා ගොයම් පැල කිරීම සදහා සූදානම් කිරීම කර ඇත. මෙම හුණුගල් මිශ්‍රණය මගින් බදුන තුල තෙතමනය රැදෙනවා සේම කෘමීන් බෝවීමත් මෙමගින්  වලකින බවයි ඇය පවසන්නේ. එලෙසම එක් වගා බදුනකට අවම වශයෙන් ගොයම් පැල 4ක් වන ආකාරයෙන් වගාව සකස් කල ඇය සෑම විටම තමාගේ රායනිකයන්ගෙන් තොර වීමට වගබලාගත්තාය. ඒ නිසා තම වගාවන්ට ඇය පොහොර වශයෙන් භාවිතා කලේ ගොම හා කොම්පෝස්ට් පොහොර වැනි ස්වභාවික පොහොර පමණි. හකුරු,ගොම,හරක් මුත්‍රා,කරපිංචා හා බිත්තර යොදාගනිමින් අැය විසින්ම නිර්මාණය කරගත් කාබනික පොහොරක් ඇය භාවිතා කරන අතර එමගින් තවදුරටත් තමන්ගේ වගාව දියුණු කර ගැනීමයි ඇගේ අරමුණ වන්නේ.

 අන්තර්ජාලය ඇසුරෙන් – චින්තිකා මිතිලායා 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article