spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බර්නාඩ් ශ්‍රීකාන්ත් නම්වූ ඔහු….

Must read

බර්නාඩ් 1
පාසැල් අධ්‍යාපනය අවසන් කරන ශ්‍ර්‍රීකාන්ත් ධීවර රැකියාවට යොමුවෙන්නේ ජීවත්වීමට යමක් කළ යුතු නිසාය. එහෙත් ජායාරූපකරනය සහ ලේඛන කලාවට තිබූ ආසාව ඔහු තුලින් ඉවත්වූයේ නැත. ඉරිදා පෙරමුණ පුවත්පතට ‘දෙපැත්ත’ නමින් තීරු ලිපියක් ලියන බර්නාඩ් ශ්‍රීකාන්ත් ඔහුගේ ප්‍රථම පොත “ඒදණ්ඩ” පාඨකයන්ට ඉදිරිපත් කරයි. ඉන් අනතුරුව නවකතා අටකට අධික සංඛ්‍යාවක් රචනා කරන අප කතානායකයා විවිධ විෂයන් ඔස්සේ පර්යේෂණ ග්‍රන්ථ ගනනාවක් ලියා පළ කරයි. ඒ අතරින් “දුවේ පාස්කු ” , ” ධීවර බස් වහර” ” ධීවර ආම්පන්න සහ ක්‍රම” පිළිබඳව ඔහු ලියූ ග්‍රන්ථ අධ්‍යාපනයේ නිරත දරුදැරියන්ට මගු අතවැලක් සැපයුහ.
“75 වසරක කඩවුනු පොරොන්දුව ” මැතකදී ඔහු ලියූ පොතකි. මේ දින වල බර්නාඩ් ශ්‍රීකාන්ත් මීගමුව සහ ඒ අවට සංගීත කණ්ඩායම් පිළිබඳව පොතක් පළකිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටියි. මීපුර ඔහුගේ ලේඛන කටයුතු වලට සුභ පතයි.

අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article