spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උදාර මිනිසෙකුගේ කථාව හාරලක්සෙ නමින් ජනගතවූ වගයි

Must read

IMG-20191209-WA0010IMG-20191209-WA0006IMG-20191209-WA0003IMG-20191209-WA0009IMG-20191209-WA0002

ඊයේ(08දා) මීගමුව රුක්මණිදේවි රංග ශාලාවේදී ඉතා වැදගත් උදාර කර්තව්‍යයක් ඉටුවිය . එය සංවිධානය කර තිබුනේ විණැන හා මාධ්‍ය පදනම විසින්ය.
සංවිධානය කුඩාය.
එහි සංවිධායකයින්ද කුඩාය.
නමුත් ඔවුන්ගේ අරමුණු සහ ක්‍රියාකාරිත්වය විශාලය.
ලෝකය වෙනස් කළ හැක්කේ සිරුරින් විශාලවූ නිසා නොව තම අරමුණු සහ නිවැරදි සමාජ මෙහෙවර අනුව බව ලාල් , ලයනල් , ජයන්ත , ඩිලාන් , මිල්රෝයි යන සහෝදරවරු පෙන්වා දුන් ආදර්ශය විය.
වැඩසටහන මෙහෙයවූ සිංහල ආචාර්ය ජයන්ත මෝදරගේ කාලය ප්‍රවේසමෙන් යොදාගනිමින් දක්ෂ ලෙස තම කටයුත්ත ඉටුකරන ලදී .
විශිෂ්ඨ චිත්‍රපට හා ටෙලිනාට්‍ය කැමරා අධ්‍යක්ෂක වරයෙකු සහ ගුරුවරයෙකු වූ ඇන්ඩෲ ජයමාන්න මහතා නික්මයාමෙන් පසු ඔහුගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහු පිළිබඳව අදාල තොරතුරු රැගත් හාරලක්සෙ නම් ග්‍රන්ථය ජනගත කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී .
මේ සඳහා ප්‍රධාන දේශන පැවැත්වීමට OCICසිනමා පර්ෂදයේ අධ්‍යක්ෂක ගරු සිරිල් ගාමිණී පියතුමා , ප්‍රවීණ චිත්‍රපට සහ නාට්‍ය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාර නායක මහතා , සාහිත්‍ය සහ මාධ්‍යවේදී මහින්ද නාමල් මහතා යන අයට ආරාධනා කර තිබුනු නමුත් සිරිල් ගාමිණී පියතුමාට සහභාගී විය නොහැකි බව කියා දැනුම් දීමක් කර තිබින . එබැවින් එතුමාගේ අඩුව පුරවාලමින් එම කටයුත්ත ඉටුකළේ ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා විසිනි.
මෙම උතුම් කටයුත්තේ ප්‍රථම කතාව පැවැත්වූ ෂෙරාඩ් පියතුමා ප්‍රකාශකළේ මෙවැනි අදහසකි .

ඇන්ඩෲ ජයමාන්න මහතාගේ මුණුබුරකු විසින් පහන් දැල්විම
ඇන්ඩෲ ජයමාන්න මහතාගේ මුණුබුරකු විසින් පහන් දැල්විම

“කලාකරුවා , කැමරා කරුවාට වඩා මට වැදගත් වෙන්නෙ ඔහුගෙ මනුස්සකමයි. වැඩතුළ අතට සතයක්වත් එන්නෙ නැති වුනත් මනුෂ්‍යත්වය මුල්කරගෙන වැඩ කරපු කෙනෙක් .
ඒනිසා වෙන්න ඇති මේ හෝල් එක පිරිල නැත්තෙ .

ඇන්ඩෲ ජයමාන්න මහතාගේ සොහොයුරියන් හට පොත් පිළිගැන්විම
ඇන්ඩෲ ජයමාන්න මහතාගේ සොහොයුරියන් හට පොත් පිළිගැන්විම

මොකද මේ සමාජෙ ඇතුලෙ ඒ වගේ අයට ඉඩක් නෑනෙ.
ධර්මසිරි බණ්ඩාරනායක මහතා තම කතාව තුළ , ජීවිතයේ කටුකත්වය අත්දකිමින් , කිසිදු වාසියක් බලාපොරොත්තු නොවූ අදීන මිනිසෙකු ලෙස ඇන්ඩෘෘ ජයමාන්න නම්වූ සැබෑ මිනිසාගේ ජීවිත කතාව මතුකර පෙන්වන ලදී .
විශාල සමාජ මෙහෙවරයන් ඉටුකළ නමුත් මෙම ජරා සමාජය තුළ සැබෑ මිනිසුන්ට අත්වන ඉරණම ඉතාමත් ආවේගශීලීව බණ්ඩාරනායක මහතා පැහැදිළි කරන ලදී .
පිටපතක් නැතිව පිටු 1 1/2 ක කටු සටහනකින් විශාල නිර්මාණයක් කළ චිත්‍රපට අධ්‍යක්ෂක වරයා ලෙස ජයමාන්න මහතාගේ ජීවිතයේ විවිධ පැති මතුකර හරවත් පැහැදිළි කිරීමක් කළේ ප්‍රවීණ සාහිත්‍යය වේදී සහ මාධ්‍යවේදී මහින්ද නාමල් මහතාය. එම නිර්මාණයට හොඳම පිටපත් රචනයට හිමි සම්මානය ලැබීමේ හාස්‍යජනක සිදුවීම ඇතුළු සිදුවීම් ගනනාවක් මත මේ උදාර මිනිසා කළ සමාජ මෙහෙවර සහ ඔහුගේ මනුෂ්‍යත්වය ගැන පැහැදිළි කිරීමක් කරන ලදී .
“හාරලක්සෙ ” නම්වූ නිර්මාණය සමාජගතවූයේ ඇන්ඩෲ ජයමාන්න නම්වූ මහා නිර්මාණ කරුවාගේ හැකියාව සහ දක්ෂතාවය ඉතා ඉහලට ඔසවා තබමින්ය. ඊයේ (08) ජනගතවූයේ එසේ සාර්ථකව සමාජගතවූ විශිෂ්ඨ නිර්මාණයක් සහ එම නිර්මාණයේ නිර්මාණ කරුවා පිළිබඳව නොදන්නා කරුණු රාසියක් අපට ප්‍රදානය කරමින්ය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article