spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘එක් පුද්ගලයෙකු වෙනුවෙන් රටක ව්‍යවස්ථාව වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක්’ – කරු ජයසුරිය

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත්  නිග්‍රහයක් බව

‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.

ඊයේ රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා දුන් ජනවරම ගැන ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.

ජනාධිපතිට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, මැතිවරණ වලදී විශාල කැපකිරීමක් සිදුකළ හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙන බව ඔහු මෙහිදී පැහැදිලි කර සිටියේය.

කෙසේවුවද, ජනාධිපතිවරයාට පැවරුන මේ අසීමිත බලය රට එක් කිරීමට යොදාගන්නා ලෙස ඉල්ලා සිටි කරු ජයසුරිය, නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට වෙනුවෙන් ඊට උපරිම ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය.

කරු ජයසුරිය එහිදී මෙසේද සඳහන් කළේය.

Karu Press

ජනාධිපතිතුමා බලාපොරොත්තු වූ විධායක බලතල දැන් ලැබුණා. මේ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෝකයේ අති විශාල බලතල සහිත රාජ්‍ය නායකයෙක් බවට පත් වෙනවා.

ඒ ලබාගත් අසීමිත බලතල තුළින් දැනට ශීඝ්‍රයෙන් පැතිරෙන කෝවිඩ් වසංගතය හා ඒ තුළින් පීඩා විඳින ලංකාවේ ජනතාව ගෙවන දුක්බර ජීවිත සැනසීමට හැකි වේවායි අප විශ්වාස කරනවා.

එමෙන්ම එකඟවුවත්, නැතත්, 20 වන සංශෝධනය ගෙන ඒම තුළ ජනතාව අතර බෙදීමක් ඇති බව අප පිළිගතයුතු සත්‍යයක්

එහෙයින් ජනාධිපතිවරයාගේ ප්‍රධානම කාර්‍යය වන්නේ ජාතියේ සමගිය හා එක්සත් බව රැක දීමයි.

බලයෙන් මත් වූ සමහරුන් කටයුතු අවුල් කරන්න පුළුවන්.

17 වැනි සංශෝධනය බිහි වුණේත් රාජ්‍ය බලතල අයුතු ලෙස යොදාගනිමින් වයඹ මැතිවරණය සේම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල යෙදීම නිසයි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය මේ ගැන කිහිපවිටක්ම සඳහන් කළා.

ඊයේ ඡන්ද විමසීමේදී රජයේ මන්ත්‍රීවරුන් 148ක් හා පිටස්තරින් (විපක්ෂයෙන්) ලබාගත් ඡන්ද 8 ක්ද සමඟ 3/2 ඉක්ම වූ 156 ජනවරමක් ලබාගෙන තිබෙනවා.

ඒ නිසා එම ඡන්ද ලබාගත් ආකාරය හා ක්‍රමවේදය ගැන කතා කිරීම අපට අවශ්‍ය වන්නේ නැහැ. නීත්‍යානුකූල බලය ලැබී තිබෙනවා.

”ඊයේ ඡන්ද විමසීමේදී රජයේ මන්ත්‍රීවරුන් 148ක් හා පිටස්තරින් (විපක්ෂයෙන්) ලබාගත් ඡන්ද 8 ක්ද සමඟ 3/2 ඉක්ම වූ 156 ජනවරමක් ලබාගෙන තිබෙනවා. ඒ නිසා එම ඡන්ද ලබාගත් ආකාරය හා ක්‍රමවේදය ගැන කතා කිරීම අපට අවශ්‍ය වන්නේ නැහැ. නීත්‍යානුකූල බලය ලැබී තිබෙනවා.”

ජනතාව ඉදිරියේ දී ඒ ගැන අදහස් ප්‍රකාශ කරාවි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අපේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් පැතූ යුක්තිගරුක නීතිගරුක සමාජයක ජීවත්වීමේ අයිතිය අප රටේ ජනතාවට ලබා දීමය.

අපට ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න හෝ රට අවුල් කරන්න අවශ්‍යතාවයක් නෑ.

නමුත් ජනතාවට හා නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය රජයන සාමකාමී සමෘධිමත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම අපගේ යුතුකමක්.

අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන ශ්‍රී ලංකා දේශයක මිහිදන් වෙන්න.

Sobitha himi19 ගෙන ඒමට නායකත්වය සැපයූවේ සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා අනෙකුක් ආගමික නායකයින්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නායකත්වය සැපයූවේ ගෞරවනීය සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා අනෙකුක් ආගමික නායකයින්.

උන්වහන්සේලා පෙලපාලි ගියා. විරෝධතා රැළි පැවැත්වුවා. එසේ නොමැතිව එය දේශපාලකයින් කිහිපදෙනෙකුගේ උවමනාවට සිදු වූවක් නොවේ.

අදත්, අපගේ ස්ථාවරය වනුයේ පසුගිය මාස 11 තුළ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, මේ රට පාලනය කළ ආකාරයට අළුත් ව්‍යවස්ථාවක් ඇති කරනතුරු රටේ ගැටුම් ඇති නොකර සමගියෙන් සාමදානයෙන් රට පාලනය කිරීමේ අවස්ථාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන බවයි.

මම වරක් අසා සිටියා කෙනෙක් කියනවා “හල්දුම්මුල්ලට ලයිට් දෙන්න 19 තියාගෙන බැහැ. මේ සඳහා 20 අවශ්‍යයි” යනුවෙන්

මේවා බොළඳ කතා. සමහරු මේවා විශ්වාස කළා.

ජනාධිපතිතුමාට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, මැතිවරණ වලදී විශාල කැපකිරීමක් සිදුකළ හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙනවා.

ජනාධිපතිතුමාට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙනවා.

මෙම තීරණය අපිට තේරුම් ගැනීමට අපහසුයි. ජනාධිපතිතුමා අවුරුද්දක් ඇතුළත මෙය ඉවත් කරන බවට පොරොන්දුවක් දී තිබුණත් අපිට ඒ ගැන දැඩි විශ්වාසයක් තියාගන්න බැහැ.

මේ අසීමිත බලතල තුළින් ජනාධිපතිවරයාට ඕනෑනම් හෙට වුවත් ද්විත්ව පුරවැසියෙක්ව ඇමතිවරයෙක් වශයෙන් හෝ වෙනත් පදවියකට පත්කරන්න පුළුවන්.

මේවා සමහරවිට වෙන්න පුළුවන් දේවල්. (මේ දේවල් අපි කියන්නේ බත් කන පුද්ගලයින් විදියට)

ද්විත්ව පුරවැසි පනත ඇතුලත් කිරීම අප සංවිධානයට කිසි ලෙසකින් එකඟවන්න බැරි කරුණක් එය අපි දකින්නේ අපේ රටේ උපන් ජනතාවට කෙරෙන අවමානයක් ලෙස නිසයි.

තම රටට ආදරය කරන ඕනෑම කෙනෙකුට දෙවැනි පුරවැසිභාවය අයින් කර පාලනයට හවුල් වන්නට පුළුවන්.

නමුත්, රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත්  නිග්‍රහයක්.

Basil passරටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත්  නිග්‍රහයක්.

අළුතින් ඇතිකළ සංශෝධනද සහිතව ඉදිරිපත් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පූර්ණ විග්‍රහයක් අපගේ බුද්ධි මණ්ඩලය විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරනවා.

අද අපි විශේෂයෙන්ම සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථා සභාවේ ඇතිවන යෝජිත වෙනස් වීම් තුළින් 18 සංශෝධනයේ ඇති වූ ආකාරයට ස්වාධීන කොමිෂන් සභා පූර්ණ වශයෙන් දේශපාලනයට යටත් වීමයි.

තොරතුරු දැනගැනීමේ ආයතනය, මානව හිමිකම් කොමිසම, ආදී අන්තර් ජාතික ගෞරවයට පත් වූ ආයතන විනාශ කිරීම ජාතික අපරාධයක් ලෙස දකිනවා.

මෑත යුගයේ දී අපේ අධිකරණය ලෝක ප්‍රජාවගේ පිළිගැනීමට ලක්වුණා.

කිසිවිටෙක 19වන ව්‍යවස්ථා සංශෝධනය සර්වසම්පූර්ණ කිසිම වැරදි අඩුපාඩුවක් නැති පනතක් කියා අප සඳහන් කරන්නේ නැහැ.

ලෝකයේ සෑම රටකම තිබෙන අත්දැකීම් වලට අනුව රාජ්‍ය නායකයා තම හිතවතුන් රාජ්‍ය ආයතන වලට පත් කරගතහොත් කිසිම ආකාරයක ස්වාධීනත්වයක් මෙම ආයතන වලින් බලාපොරොත්තු වෙන්න බැහැ.

මෙය විශේෂයෙන්ම උත්තරීතර අධිකරණයට බලපැවැත්වෙනවා.

”පසුගිය රජය පැවති කාළයේත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ (OPA) වෘත්තීයවේදීන් හා ප්‍රජා නායකයින් මෙන්ම විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරු වැනි දේශපාලන ගැති නොවන අත්දැකීම්ලත් පුද්ගලයන් කොමිෂන් සභා සඳහා පත් වුණා.”

පසුගිය රජය පැවති කාළයේත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ (OPA) වෘත්තීයවේදීන් හා ප්‍රජා නායකයින් මෙන්ම විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරු වැනි දේශපාලන ගැති නොවන අත්දැකීම්ලත් පුද්ගලයන් කොමිෂන් සභා සඳහා පත් වුණා.

එවැනි බොහෝ අය දැනටමත් කොම්ෂන් සභා වල සේවය කරනවා.

ඔවුන් මෙතෙක් සිදුකළ වටිනා සේවය අප අගය කළ යුතුයි.

අවසාන වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ අසීමිත බලය රට එක් කිරීමට යොදාගන්න සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී රට වෙනුවෙන් ඊට අපේ ශක්තිය ලබා දෙන බව සඳහන් කිරීමට කැමතියි.”
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article