spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එදා කථානායක පුටුවේ බලෙන් වාඩිවුන අරුන්දිකට දැන් ඇමති පුටුවක් !

Must read

arundika 1

arundika 2පසුගිය වසරේ දින 52 දෙකේ කුමන්ත්‍රණය අවස්ථාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායටද එරෙහිව යමින් කථානායකවරයාගේ පුටුවේ බහලහත්කාරයෙන් වාඩි වු පුත්තලම් දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු හට දැන් ඇමති පුටුවක් හිමිව තිබේ.

ඒ සංචාරක ප්‍රවර්ධන ඇමතිධුරයයි.
අමාත්‍යාංශ කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙසේ පවසා තිබේ.Arundika

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කිරීමට, සංවර්ධිත රටක් බවට පත් කිරීමට, තෝරා ගත් ප්‍රධාන අංශවලින් එකක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්වූවා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අනාගතයේ ප්‍රධානතම අංගයක් බවට සංචාරක කර්මාන්තය පත්වී තිබෙනවා. ඒ නිසා ඒ භාරදුර වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපපක්ෂ මහතා ඇතුළු රජය මට පවරා තිබෙනවා. එය ඉතා භාරදූර වගකීමක්. මේ අංශය දියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ශක්තියක් ලැබෙනවා.

මෙයට අමතරව ලංකාවේ සුන්දරත්වය ගැන කියන්නට ඇමතිවරයා අමතක කළේ නැත.

.අපේ රට තිබෙන්නේ ඉන්දියන් සාගරයේ. එය හැඳින්වූයේ ඉන්දියා‍වේ මුතු ඇටය ලෙසයි. මේ රට තරම් සුන්දර රටක්, අලංකාර, සංචාරකයන් ආකර්ෂණය කර ගන්න පුළුවන් රටක් ලෝකයේ නෑ. ශ්‍රී ලංකාව රමණීය මුහුදකින්, වෙරළ තීරයකින් වට වී තිබෙනවා. රට මැද්දට එන විට මධ්‍යම කඳුකරයේ සිට ඇදහැළෙන දියඇලි, ගංගාවලින් වට වී තියෙනවා. මිහිදු මහරහතන් වහන්සේ වැඩිය දින සිට සම්බුද්ධ ශාසනයත් එක්ක සම්බන්ධ වූ සංස්කෘතිය හා සම්බන්ධව බැඳිලා තිබෙන එදා රජ දරුවන් කළ විශ්මකර්ම නිර්මාණ, පුරාවිද්‍යාත්මක ස්ථාන, වනජීවීන් යනාදී සියලු දෑවලින් පරිපූර්ණ දිවයිනක් ලෝකයේ කොහෙවත් නෑ.

සංචාරක ක්ෂේත්‍රයට පහසුකම්

සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සියලු දෙනාට ශක්තිය ලබා දීමටත්, සංචාරක කර්මාන්තයේ තරුණ ව්‍යවසායකයන්ට, දැනට ක්ෂේත්‍රයේ සිටින අයට අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තුළින් අපි ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

.වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන චීනයේත් සංචාරක ප්‍රවර්ධන කටයුතු වැඩි වශයෙන් කරන්න ඕන. යුරෝපය ජර්මනිය වැනි රටවලත් සංචාරක ප්‍රවර්ධන කටයුතු කළ යුතුයි. පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යුරෝපීය ගුවන් සේවාවන් නැවැත්තුවා. ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සාකච්ජා කරලා අඩුම තරමේ යුරෝපයේ සිට එක ගුවන් සේවයක්වත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අතීතයේ සිටම ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට බොහෝ සංචාරක පිරිසක් ආවා. දැන් ඒක මඟ හැරී ගිහින් තියනවා. යළිත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්න අපි රුකුලක් දිය යුතුයි‍‍.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article