spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කථානායක ඉවත්විය යුතු යැයි කියන්නේ ජොනී විතරද ?

Must read

joniකථානායක කරූ ජයසූරිය මහතා එම තනතුරින් වහාම ඉවත්වී වත්මන් රජයට කතානායකවරයකු පත් කර ගැනීමට ඉඩලබා දිය යුතු යැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැසීය.

කතානායකවරයා ප්‍රජාතනත්‍රවාදය ගරුකරන්නේ නම් ජනතා මතයට හිස නමා වහාම ඉවත් වී ජනතා කැමැත්තට එම ධූරය පත්කර ගැනීමට ඉඩලබා දිය යුතු යැයි අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කීයා ඇති බව දිණමිණ වාර්තා කොට තිබුණි.
මම හිතන්නෙ වැදගත් විදියට කථානායක තුමා අයින්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නායකයෙක් හැටියට වහාම ලබාදිය යුතුයි. මේ රටේ ජනතාව තීන්දුවක් දී තියෙනවා.

jony and bibleඑකක් ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී දුන්නා. අනික ජනාධිපතිවරණයේ දී දී තියෙනවා. මේක ඉතිහාසගත ජයග්‍රහණයක්. ඒ නිසා රටේ ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරන තැනක් හැටියට පාර්ලිමේන්තුව පරිවර්තනය කරන්න නම් එතුමා ඉවත්වීම වඩාත් හොඳයි කියන එක මගේ මතයයි.
කථානායක තුමා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කෙනෙක් විදියට තමයි ඉතිහාසය පෙන්වා දී තියෙන්නේ, මම නම් ඒක ගැන එකඟවෙන්නේ නෑ . එහෙත් සැබෑ ලෙසම එතුමා එහෙම හිතනවා නම්, රජයට කථානායක වරයකු පත්කරගෙන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ජනතාවගේ සංවර්ධනයට බාධාවක් නොවන අයුරින් කරගෙන යන්න වහාම අවස්ථාව ලබාදිය යුතු යැයි මම විශ්වාස කරනවා යැයි ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.Karu-jayasooriya-2019.11.25
ජොන්ස්ටන් ආමත්‍යවරයා පසුගිය දින 52 මහින්ද සිරිසේන කුමන්ත්‍රණය තුල පාර්ලිෙම්න්තුවේ වැඩිම කලහකාරි සිදුවිම් වලට මුල්තැන ගත් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයේ වැඩියෙන්ම ගැරහුමට ලක්වු දේශපාලකයාද වෙයි.
තතු මෙසේ තිබිවදි කථානායකවරයා ඉවත් වියු යුතුයැයි ජනාධිපති හෝ අගමැතිවරයා කිසිදු අවස්ථාවකදි පවසා ඇතැයි වාර්ථා වි නොමැතිවිමද මෙහිදි විශේෂත්වයකි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article