spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක පේදුරු පාවුළු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ.

Must read

කටුනායක ශු.පේදුරැ හා පාවුලු දේවස්ථානයේ 144 වන වාර්ෂික මංගල්‍යය අද දින (29/06/2014) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එසේම වාර්ෂික මංගල්‍යයට පෙර දින පවත්වනු ලබන සන්ධ්‍යා මෙහෙය ඊයේ දිනදී (28/06/2014) දේවස්ථානයේදී සිදුවිණි.සන්ධ්‍යා මෙහෙයෙන් පසු ශු. පේදුරැ පාවුලු මුනිවරුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ගම වටා වීදි සංචාරය කරන ලදි. වසර 144 ක මංගල්‍යය ඉතිහාසය තුළ ගම ඇතුලත වීදි ද ආවරණය වන පරිදි ප්‍රතිමාව රැගෙනිි023 ගිය පළමු වතාව මෙය බව ගමේ බොහෝ දෙනෙක් පැවසූහ.
පෙරහැර ගමන් ගත් මාර්ගය විවිධ තොරණ් හතරකින් සහ සැරසිලි වලින් අලංකාර වී තිබුණි. කටුනායක ගමමැද පාරේ එකිනෙකට වෙනස් තොරණ් තුනක් නිර්මාණය කොට තිබුණි. එක් තොරණක් පොල්කටු, කිතුල් මල් වැනි දේ වලින් නිර්මාණය කොට තිබුණු අතර තවත් තොරණක් ඉදිකිරීමට යොදාගෙන තිබුණේ වී ඇට සහ සහල් වැනි ඇට ජාතිය. මෙම තොරණ් නිර්මාණය කිරීමට ගමමැද පාරේ තරුණ කොටස්වල මෙන්ම අන්‍යාගමික ගම්වාසීන්ගේ උදව්වද ලැබුණු බව විශේෂයෙන් කිවයුතුම ය.
මේ සියලු කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට හැකිවූයේ වර්තමාන මීසම් සේවක ගරු දේශාන් පෙරේරා පියතුමාගේ නොමද සහයෝගයෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article