spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලාව හෝ දේශපාලනය ගැන කිසිත් නොදන්නා මාධ්‍ය බබාලා සහ ජෙයපාලන්..

Must read

Jayapalan_ජෙයපාලන් !!!ජෙයපාලන් දන්නැති රටක සිංහල කවියෙක් වීම තරම් ලැජ්ජාවක් සහ වේදනාවක් තව කොහෙන්ද?මං දැන් මොහොතකට කලින් ඇහුවා ‘දෙරණ‘ ප්‍රවෘත්ති. අත්අඩංගුවට පත් පෙයපාලන් නැමැති ඉන්දීය ජාතකයා කොළඹට රැගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියූ බව එහි කියැවුණා. මේ පොලිස්කාරයා කරේ තරුපටි ගහගෙන ඉන්නෙ හෙළුවෙන් ඉඳන්ද? දැන් මේ මැජික්කාරයෝ අපේ සහෝදරයා අත්අඩංගුවට ගත්ත එක ගැන හේතු මවයි. මුං මවන හේතු පොත් වලට ලියන්න පුළුවන් උණානම් මාර්කේස්ට පවා ලැජ්ජ හිතෙනවා තමන්ගෙ මැජිකල් රියලිසම් ගැන.

ජෙයපාලන්ගෙන් පණිවිඩයක් ලැබුණා හරියටම පහුගිය 9වැනිදා. ඒක පොදුවේ සහෝදරවරුන්ට යවපු එකක්. මෙච්චරයි තිබ්බෙ.

Machan , comming to Sri Lanka Landing Colombo at 10.40 today by Air Lanka from Chennai.

මං කියල යැව්වෙ, දුරකතන අංකයක් එවන්න කියලත්, පරිස්සම්වෙන්න කියලත් විතරයි. මං එහෙම කියල යැව්වට මං දන්නව, මේ දූපත ඇතුළෙ පරිස්සම කියන එකට අර්ථයක් නෑ කියල.

පුදුවෛ රත්තිනතුරෛ කවියව මැරුවද, ඔහු කවම ඉන්නවද, කියල කියාගන්න බැරි නොසන්ඩාලයො දැන් ජෙයපාලන් තියාගෙන වද දෙනව. මේ කාලකණ්ණි ආණ්ඩුවත්, ආණ්ඩුවෙ බත් බැලයොත් දෙමළ කවීන්ට මෙච්චර බය ඇයි කියන එක අපි කියවිය යුත්තේ දේශපාලනිකවයි.

චේරන් මේ මොහොතේ ඔබ කොතැනකද? යහතින් නේද?

මංජුල වෙඩිවර්ධන
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article