spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොට්ටාශය දිනා ගන්න බැරි අය නගරාධිපතිලා පත්කිරිම ගැන කථා මහවිහිළුවක් !ශ්‍රිලනිප ජේෂ්ඨයෝ කියති

Must read

illegal lansa 4(7.30 pm ) දුවේ පැවැති රැස්විමකදි සරත් ගුණරත්න සහ ඇන්ටනි ජයවිර අතර ඇතිව තිබුණ ගැටුම මුල්කරගෙන පුළුල් දේශපාලන සංවාදයක් දැන් මිගමුව තුල මතුව තිබේ.
මෙහි හරි මැද ලකුණු වි ඇත්තේ ලංසා පිළ හා සරත් පිළ අතර ගැටුමයි.
මේ රැස්විමේදි නිමල් ලංසා විසින් පවසා ඇතැයි
මේවන විට ලංසා පිළ විසින් පතුරුවා හරිමින් සිටින මතය වි ඇත්තේ දුන්ගාල්පිටිය ඇතුළුව සරත් පිළේ අපේක්ෂකයන් සිටින කොට්ටාශ පරාජය වන බව නිසැක බවය.
සරත් ගුණරත්නගේ ඉතාමත් කිට්ටු දේශපාලන සගයෙකු වන බන්දුල නාඹටුන්න පවා කොච්චිකඩේන පරදින බවට දැන් ප්‍රචාර හරිමින් සිටිති.
තතු එසේව තිබියදි සරත් පිළේ ඇතමුන් නිමල් ලංසා හට එල්ල කරන ප්‍රබලතම විවේචනය වි ඇත්තේ ලංසා ගෙයින් ගෙට යන්නේ තමන්ගේ මල්ලිගේ කොට්ටාශය තුල පමණක් බවය.
මේ අතර මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු කියා සිටියේ නිමල් ලංසා නගරාධිපති නම්කරනවා යැයි කිම තරම් තවත් විහිළුවක් නැති බවය.අඩුම තරමින් තමන්ගේ සහෝදරයා ඉල්ලන වැල්ලවිදිය කොට්ටාශයවත දිනා ගන්නට නොහැකි පසුබිමක නගරාධිපතිවරුන් නම් කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කර සිටි.
මේ අතර එජාප ජේෂ්ඨයෙකු මිපුරට කියා සිටියේ නිමල් ලංසා කොයිතරම් නම් බයෙන් සිටිනවාදැයි තේරුම් ගැනිමට කදිම නිදසුන වන්නේ ඔහු දාඩිය පේරාගෙන ගෙවල් ගානේ ඇවිදින හැටි දකින විට බවයි.
මේ ගමන්වලදි සිය සහොදරයා ව රැගෙන යාම පරාජය තවත් තහවුරු කරන්න ක් විය හැකි බැවින් නිමල් ලංසා රගන්නේ හරියට තමන් ඡන්දේ ඉල්ලනවා සේ යැයිද අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article