spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝච්චිය පෞද්ගලිකරණය කරන්න ඕනා ඇයි ?

Must read

train-crowdedසැයු ;- මෙම යෝජනාවලිය හා මෙම නිගමන දුම්රිය මැදිරියක් තුල උදේ හවා වැඩට යන එකෙක් ලෙස හා කොච්චි ස්ට්‍රයික් දවස් වල අම්බානෙට කට්ට කා ගෙදර එන එකෙක් ලෙස හා පාපුවරුවේ ජිවිත් අවදානම් සහිතව ගමන් ගිය එකෙක් ලෙස ලියමි. කාර් එකේ යනකොට වීදුරුවෙන් ශා ෆුට් බෝඩ් එකේ යන කොට වදින හුලන් පාරේ සැප ගෙන හිතා ඒ අවදානම ගෙන නොතකන , සති අන්තේ ට්‍රිප් වලට ආතල් එකේ සීට් බුක් කර ට්‍රිප් යාමට පමණක් මෙයට ගොඩවෙන , ස්ටේසන් එකක් තියා දුම්රියක දුමක්වත් ඇගට නොදැවටෙන දෙශ්ප්‍රේමි , දුම්රිය ප්‍රේමි හා දෙශපාලන ප්‍රේමින් ගණන් ගනු නොලැබේ.
උදේ හවා යන එන මේ සේවය හා රුපියල් විස්සක් දී වතුර නැතුව යාමට වන ටොයිලට් එකක් යන දෙකම එකට සමාන වේ.මාසේ මුල ගන්නා සිසන් එක මත කුකුල් පැටව් 2000 දාන තැනක 3500 දාපුවාම එන ෆිලින් එක අපිට පුරා මාසයක් පුරා ගත හැකිව ඇත. බිග් බෙන් එක හා මරදානේ ස්ටේසමේ වෙලාවල් එකම කාල රේඛාවක නොපිහිටුවත් මරදානේ ස්ටේසමේ 5.30 කෝච්චිය එංගලන්තයේ වෙලාව 5.30 වෙන විටත් නාපු අවස්ථා නැතුව නොවේ. සමහරක් විට අයිස්ලන්තය හරහා මුළු දුම්රිය මාර්ගයම වැටි ඇතයි සිතා කෝච්චියේ ෆෑන් ගලවා එළියේ සීතලට ඇතුලේ රස්සනය තුලනය කිරීමට සිතන ක්‍රම වේද පවා ඉතාමත් විශිෂ්ඨය.සමහරක් ජනෙල මා එම දුම්රියේ යන්න ගත්තු දා ඉදන් ෆුල් සිල්ය.පාපුවරු සමහරක් ඒවා විශිෂ්ඨ දැව නිමාවෙන් යුතු නොවුනත් එයට පා තබා ෆුට් බෝඩ් එකේ එක්ස්ට්‍රීම් ටුවර් ගිය අවස්ථා නතුවේද නැත.දුම්රියේ වැසිකිලි ඉතා පට්ට ඒවා දෙවෙනි වන්නේ ස්ටේසන් වල ඒවාට පමණය.
ඒ මේ කතාවේ අපි මෙච්චර කල් කන දුම්රිය දෙපාර්තමේන්තුවේ හෝ අර ප්‍රවාහන අමාත්‍යාංශ වල උන්ට නොපෙනෙන මගුලය.උන් හැම රෙද්දටම පෙර දුම්රිය මාර්ග දෙකක් තනා ඇත.මගේ භාශාවෙන් කිව්වොත් අර මොකක්ද එකක් හදන්න ඕනා තැනක වෙන මොකක්ද එකක් බොරු ඇඩ් එකකට හැදීමක් හා සමාන ය.ඉන් වෙලාව ඉතුරු වීම කෙසේ ගණනය කරන්නේ දැයි නොදනිමි.නමුත් ඉන් වූ සෙත ද නොදනිමි.
මේ සේවයක් යයි කියලා කියන මගුල සේවයක් ද යන්න ගැටලුවකි.අවන්කවම සිසන් එකේ ගාන දෙගුණ කර හෝ මෙම සේවය හුදෙක් සේවයක් ම කිරීමට හැකි නම් වටිනේය. මෙච්චර අච්චර ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් අර කාඩ් මේ කාඩ් තියෙන රටේ අපි සීසන් එක ගන්න බත් මුල් බැදන් පෝලිමේ සිටිය යුතුය. මෙම කොච්චි වලට ගෙන යාහැකි උපරිම පෙට්ටි ගණන නම් නොගියන බව සිතා ගත හැක. මේ අවුරුදු ගානටම කොච්චි පෙට්ටි ගෙන්න පාස් වුනු සල්ලි ගණනට වඩා කාර් ගෙන්න පාස් වුනු මුදල් ගැන නම් වැඩි විය යුතුමය. වෙලාවට එන කෝච්චියක් දැක ගැනීමට සමහරක් විට සතියකටවත් බැරිය.
එම මගුලේ තාක්ෂනය යේ ඇති අවුල සිරාවටම තේරෙන්නේ නැත.එමෙන්ම සංචාරක දුම්රිය සේවාවක් , VIP වගේ ට්‍රෙන් ටිකක් හදලා ට්‍රැෆික් අඩු කරන්න වගේ අයිඩියා මේ ඔලුවලට කවදා එන්නේ දැයි නොදනමි.ඒ/සි පෙට්ටි ඇති දුම්රිය පෙට්ටියක් දිනපතා දුම්රිය වල දකින්නට ප්‍රාර්ථනා කරමි.ඒවා වල යන්න හැකි උන් දාඩිය දාගෙන තුනේ හෝ දෙවැනි පන්තියේ යන්නේ උන්ගේත් අපෙත් දෙගොලොන්ගේම කරුමයට ය.
ඉතින් රජයට මේ මගුල කරන්න බැරි නම් , පෞද්ගලිකරණය කල යුතුය. ආදායම් නැති මගුල් වලට අච්චර ආයෝජකයන් සිටි නම් මෙයට නැති විය නොහැක. මෙය සම්පුනයෙන් ම එසේ පෞද්ගලිකරණය කලොත් ලොකු අවුලක් යාමට පුළුවන ඒ නිසා එය ට විසදුමක් ද සමඟ මෙය කල යුතුය. සීසන් එකේ ගාන ඩබල් කරන්න කිව්වේ ඒ බැවිනි. තවද මෙය පෞද්ගලිකරණය කළහොත් මෙය හොද ප්‍රචාරණ මාධ්‍යක් වනු ඇත. tv පවා සවි කර ඒවා වල වෙලද දැන්වීම් අලෙවිය කල හැක. එයද බොහෝ මුදල් උපයනක්‍රමයකි..එසේ නැත්නම් මෙම පෙට්ටි වෙළද ආයතන වල ප්‍රචාරණය වෙනුමෙන්ම පුර්ණ ලෙස දිය හැක.තව මෙවනි බොහෝ දේ මගින් මගියා තලා නොපෙළා පෞද්ගලික අංශයට මෙයින් ලාභ ලැබිය හැක යි සිතමි.
මගේ අයිඩියා එක මෝඩ එකක් විය හැක.නමුත් රජයේ නියාමනය මත හොද ඔලු දෙක තුනක් රෙන්ට් කර ප්ලෑන් එකක් හදා හෝ මේ මගුල ගොඩ නොදැම්මොත් අපිත් කවදා හෝ පාපුවරුවේ ම අවසන් ගමන් යනු ඇත.
සිතුම්
( මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article