spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙරට පොලීසිය සදහා වෙන්වූ විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි. – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Must read

maxresdefault

මෙරට පොලිස් නිලධාරීන්ගේ අභිවෘදිය උදෙසා පොලිසිය සහ අපරාධ යුක්ති විනිශ්චය විශ්වවිද්‍යාලය ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දකුණු සහ අග්නිදිග ආසියාවට බලපාන ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ සාකච්ඡාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, නීතිය හා සාමය ශක්තිමත් කිරීම සහ අපගේ පොලිස් නිලධාරීන්ගේ දැනුම ඉහළ නැංවීම සඳහා අපරාධ යුක්ති ක්‍රමය වැදගත් බවයි. ජාත්‍යන්තර පොලීසය,ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි.

ත්‍රිවිධ හමුදාවන් මෙන් නොව, විශ්ව විද්‍යාලයක් නොතිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වෙත එවැනි අවස්ථාවන් නොලැබෙන බවත්, නීතිපති දෙපාර්තමේන්තුව, නීතීඥ සංගමය, රේගු සහ ආගමන විගමන නිලධාරීන්ට අපරාධ යුක්ති විනිශ්චය විශ්වවිද්යාලය සමඟ සම්බන්ධ වියයුතු බවත් මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

එම විශ්ව විද්යාලයේ විෂය පථය, අන්තර්ජාතික යුක්තිය, අයිතිවාසිකම් සහ ත්රස්තවාදය මැඩලීම වශයෙන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නවීන තාක්ෂණය නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාම වර්ථමාන පොලිස් නිලධාරීණට අභියෝගයක් වී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article