spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති පත්කළ රේගු ලොක්කා අගමැති නියමයෙන් ඉවතට: ‘සීතල යුද්ධය කරලියට’ – කිරිඇල්ල කියයි

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවීප්‍රිය

පත්කළ ද මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ එම පත්වීම අවලංගු කිරීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින සිතල යුද්ධය පුපුරා යාමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කලේය.

”අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19 වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමිවන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස හිටපු හමුදා නිලධාරියෙක් පත්කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස්කළා. පැහැදිලිවම ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා” කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ විරෝධය :

විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කිරීමට රජය විසින් ගත් තීරණය අත්හිටුවන බවට මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට සහතික වී ඇත්තේ, එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග පසුගිය 20 දා පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවකදීය.

ඒ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉදිරිපත් කළ විරෝධය සැලකිල්ලට ගනිමිනි.

රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර ශ්‍රී  ලංකා පරිපාලන සේවයේ ශ්‍රී ලංකා පරිපාලන සේවය විශේෂ තනතුරක් වේ. එමෙන්ම එය ශ්‍රී ලංකා පරිපාලන සේවා තනතුරු ලයිස්තුවේ අංක එකෙහි සඳහන් තනතුරද වේ. මේ සඳහා නිලධාරියකු පත් කරන විට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ  නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

 

මුලික සුදුසුකම් මොනවද ?

ඒ සඳහා වන අවම සුදුසුකම වනුයේ පරිපාලන සේවයේ විධායක මට්ටමේ වසර 18 ක අවම සේවා කාලයක් මෙන්ම ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක්, කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධියක් සහ පරිපාලන සේවය විශේෂ තනතුරු පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණි වලදී සම්පූර්ණ කළ යුතු ධාරිතා ප්‍රවර්ධන මට්ටම් තුන (Capacity Development Levels) සම්පූර්ණයෙන් නිමකොට සමත් වී තිබීම අනිවාර්ය වේ.

නමුත් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් ඉතා අක්‍රමවත් ලෙස මෙම තනතුර සදහා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පත්කොට තිබිණ.

ඔහු මූලික උපාධිය පවා නොමැති නිළධාරියෙකු බවට වෘත්තීය සමිති චෝදනා කරති. ආරක්ෂක අංශ විසින් සම්පූර්ණ කළ යුතු පාඨමාලාවක් පමණක් හදාරා ඇති සාමාන්‍ය පෙළ පමණක් සමත් කොට ඇති නිලධාරියකුට රේගු දෙපාර්තමේන්තුව වැනි රටෙහි ප්‍රධාන ප්‍රධාන ආදායම් උපදවන ආර්ථික මර්මස්ථානයක් වූ ස්ථානයක පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා යෙදවීම බරපතල කාරණයක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අගමැතිවරයාට පෙන්වා දී ඇත.

 

මිලිටරි පාලන ක්‍රමයක් වෙත…

දීප ව්‍යාප්ත සේවාවන් ගණනාවක් රට තුළ ‍ක්‍රියාත්මක වෙමින් තිබියදී එම සේවාවන් වලට අදාළ සුවිශේෂී හැකියාවන් සහ ‍ප්‍රවීණතාවන් සහිත නිලධාරීන් ගණනාවක් සිටියදී සිවිල් නිලධාරීන් යෙදවිය යුතු ස්ථාන සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවෙන් ඔබ්බට ගොස් රට මිලිටරි පාලන ක්‍රමයක් වෙත ගමන්කිරීමේ පියවරක් දැයි රේගු වෘත්තීය සමිති ප්‍රශ්න කරති.

බොහොමයක් සංස්ථා සහ ‍ව්‍යාවස්ථාපිත මණ්ඩල සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කොට ඇති අතර, මෙම ආයතන වල පාලනය කෙරෙහි අදාල ආයතන වල සේවය කරන නිලධාරීන් ඇතුළු සමස්ථ සේවකයන්ගේ අප්‍රසාදයට කෙමෙන් කෙමෙන් පාත්‍ර වෙමින් තිබේ.
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article