spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජා නිදහස් කරනු! – ‘රන්ජන් කුරුසයේ තබා ඇණ ගැසීම’ ගැන සමාජ මාධ්‍ය හරහා විරෝධයක්!

Must read

“මල්ලි මේකට තමයි ස්මාට් පොලිටික්ස් කියන්නෙ. ඒවා මල්ලි අපට ඔරොත්තු දෙන්නෙ නැහැ”

රන්ජන් එයාගෙ සරල සිංහලෙන් කියපු සියල්ල දැන් ඔප්පු වෙලා. ඒක කියපු මිනිහා ඇප නොදී තියාගෙන සිටීම ජ.වි.පෙ ඇතුලු සියලු දූෂණ විරෝධීන් ප්‍රශ්න කළ යුතු බවත්, රන්ජන් නිදහස් කළ යුතුයි හඬ නැගිය යුතු බවත් දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා අවධාරණය කර සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ. එම සටහනේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

”රන්ජන් නිදහස් කළ යුතුයි. ජ.වි.පෙට තාමත් තේරුම් ගන්න බැරිව ඉන්න මේ සමස්ත සිස්ටම් එකේ අර්බූදය සහ ඒ අර්බූදය සමග රාජ්‍ය තන්ත්‍රයේ කඩා වැටීමත් එහි පැලවෙන මහා දූෂිත කැලේ සියල්ලන් හවුලෙ මංකොල්ල කෑම කල් තියා කියුවේ රන්ජන් රාමනායක.

“මල්ලි මේකට තමයි ස්මාට් පොලිටික්ස් කියන්නෙ. ඒවා මල්ලි අපට ඔරොත්තු දෙන්නෙ නැහැ” රන්ජන් එයාගෙ සරළ සිංහලෙන් කියපු සියල්ල දැන් ඔප්පු වෙලා. ඒක කියපු මිනිහා ඇප නොදී තියාගෙන සිටීම ජ.වි.පෙ ඇතුලු සියලු දූෂණ විරෝධීන් ප්‍රශ්න කළ යුතුයි. රන්ජන් නිදහස් කළ යුතුයි හඬ නැගිය යුතුයි.”

ඒ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ලක්දේශ් විජේසිංහ (Lakdesh Wijesinghe) පවසනේ ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වහාම නිදහස් කළ යුතු බවයි.

එම FB සටහනේ මෙසේද දැක්වේ.

”එයාර් බස් ගණුදෙනුවේ ජනතා මුදල් කෝටි ගනන් රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් වලට බැර කල බව දැන් අනාවරණය වී තිබේ. එහෙත් මේ වනතෙක් ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපති උපදෙස් ලබා දී නැත. නීතිපති උපදෙස් ලබා දෙන්නේ වංචා දූෂණ හෙළිදරව් කල රංජන් වැනි සැබෑ ජනතා නියෝජිතයන් අත්අඩංගුවට ගන්න කියා පමණී.

2015 ට කලින් රාජපක්ෂලා අධිකරණයට සහ පොලිස් නිලධාරීන් හට සිදු කල බලපෑම් හේතුවෙන් එක රාජපක්ෂ කෙනකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද..? නීතිපතිවරයා වත් ඒ පිළිබඳව නිතිය ක්‍රියාත්ම කරන්න උපදෙස් ලබා දී තිබේද..? නැත.

එසේ නම් රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සාධාරණ ද.? නැද්ද.? කියා ඔබ තීරණය කල යුතුය.!”
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article