spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපතිවරණය -2019 විද්‍යුත් විද්‍යුත් මාධ්‍යය වල හැසිරීම පිලිබඳව පැෆරල් අවධානයෙන්!.

Must read

img3312_1a82019.10.23

අධ්‍යක්ෂක ජනරාල්
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව,
අංක 76 , ඇල්විටිගල මාවත ,
කොළඔ 08,

මහත්මයාණෙනි,

ජනාධිපතිවරණය -2019 විද්‍යුත් මාධ්‍යය වල හැසිරීම පිලිබඳවයි.

මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය බලපානු ලබන බව අවිවාදිත කරුණකි. මෙම මාධ්‍ය තුළ රූපවාහිනී නාලිකා ජන මනසට ඉතා ප‍්‍රබල ලෙස බලපෑමක් ඇති කරන බව අපගේ නිරීක්ෂණයයි.

මෙම තත්ත්වය නිසා පසුගිය මැතිවරණ වලදී ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් මහජන මුදල් භාවිතා කරමින් ක‍්‍රියාත්මක වන රාජ්‍යය රූපවාහිනී නාලිකා වල හැසිරීම පිළිබඳව නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් සම්පාදනය කිරීම පවා සිදුකරන ලදී.

2019 වර්ෂයේ ජනාධිපතිවරණට අදාළ නිරීක්ෂණයන්ට අනුව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙසට අපගේ නිරීක්ෂණය වන්නේ රාජ්‍යය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඉතාමත් පැහැදිලිව නිශ්චිත දේශපාලන පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට කාලය වෙන්කර ප‍්‍රචාරක කටයුතු කරමින් සිටින බවයි. මෙම විද්‍යුත් නාලිකා වල දේශපාලන කටයුතු ප‍්‍රචාරණය කිරීම සඳහා වෙන්කර ඇති කාලය නිරීක්ෂණය කිරීමේදී එය එක් එක් පක්ෂ සඳහා සමානුපාතික නොවන බව ඉතා පැහැදිලි කරුණකි. පෞද්ගලික රූපවාහිනී නාලිකා පෞද්ගලික මුදල් යොදවා තම ව්‍යාපාරික කටයුතු කරගෙන ගියද ඔවුන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවසරය මත ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට අයත් මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිතා කරමින් තම ව්‍යාපාරය කරගෙන යනු ලබයි.

මෙසේ ලබාගන්නා ලද අවසරයක් මත විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිතා කරන පොද්ගලික හෝ රාජ්‍යය මාධ්‍යයන් හට අවශ්‍ය ඕනෑම ආකාරයකට කටයුතු කිරීමේ අසීමාන්තික නිදහසක් නොමැති බව මේ අවස්ථාවේදී අප මතක් කර දෙමු .

වර්ෂ 2019 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ පසු ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2141 /53 / 2019 /09/12 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කාලසීමාවේ මාධ්‍යය හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපමානයන් ප‍්‍රසිද්ධ කරන ලදී.
නමුත් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මෙම උපමානයන් මේ වන විට විශේෂයෙන් රූපවාහිනි නාලිකා උල්ලංඝණය කරමින් සිටින බව අපගේ නිරීක්ෂණය වේ.

මෙම තත්ත්වය දැඩිව පාලනය කළ යුතු අතර අදාළ උපමානයන්ට අනුව කටයුතු නොකරනු ලබන ආයතන සම්බන්ධයෙන් නෛතික ක‍්‍රියාමාර්ගයක් ගැනීම කරා යොමුවිය යුතු බවද මේ පිළිබඳ ඉතාමත් දැඩිව අවධානය යොමුකළ යුතු බවද අපගේ විශ්වාසයයි.

ජනමාධ්‍යය අමාත්‍යාංශය මෙම විෂය සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධතාවයක් දක්වන බැවින් අමාත්‍යාංශ ලේකම් වරයා සහ අදාළ නිලධාරීන් විසින් මෙම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය නෛතික උපමානයන් නිර්මානය කිරීම මෙන්ම අධීක්ෂණය කිරීම සඳහා වූ යාන්ත‍්‍රණයන් නිර්මානය කිරීම ස`දහා වූ වගකීමෙන් මගහැරීමට නොහැකි බව අවධාරණය කරමු.

ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2141 /53 / 2019 /09/12 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් සියලූම මාධ්‍ය ආයතන ජනාධිපතිවරණයේදී හැසිරිය යුතු ආකාරය දක්වා ඇති නමුත් මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ කි‍්‍රයාමාර්ග ගැනීමට යම් ක‍්‍රම වේදයක් සැකසිය යුතුය.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් ජනතාවගේ මහජන දේපලක් වන මෙම විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිතා කිරීමට පෞද්ගලික සහ රාජ්‍යය අංශයට ලබාදීමේදී එම ආයතන සාධාරණ උපමානයන්ට අනුකූලව භාවිතා කරනවාදයි සොයා බලා කටයුතු කිරීමේ බරපතල වගකීමක් ඇතිබව අවධාරනය කරමු .

අපගේ නිරීක්ෂනයන් අනුව මෙම තත්වය වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කලයුතු බව විශ්වාස කරන බැවින් ඔබට පැවරී ඇති බලතල භාවිතා කරමින් ඉදිරි දින කිහිපය තුළ මෙම තත්වය නියාමනය කිරීමට ක‍්‍රමවේදයක් සකසන මෙන් ඉල්ලා සිටිමි .

ස්තුතියි.
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.

පිටපත – ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය.
සභාපති, මැතිවරණ කොමිෂන් සභාව.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article