spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජයග්‍රහණයෙන් කෙලවර වු මිගමුවේ දුෂිතයන්ට එරෙහි උසාවි සටන …

Must read

මීගමුව කියල කියන්නේ ලංකාවේ තියෙන අන්ත දුෂිතම මහනගර සභාව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමේ. ඒ වගේම ලංකාවේ දුෂිතම විපක්ෂකයක් තියෙන නගරය කියන්නෙත් මිගමුවම තමයි.
මොකද මිගමුවේ ජනතාව විසින් ලංසා පවුලේ කලු සල්ලි ජාවාරම් පරාජය කරල ඡන්ද කොට්ටාශ 28 න් 19 ක් ජයග්‍රහණය කරවල මහනගර සභාවට යවපු ඒජාප නාගරික මන්ත්‍රිවරු 19 න් 11 ක්ම දැන් ඉන්නේ ලංසා පවුලේ ඔඩොක්කුවේ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි .
මිගමුවේ මහනගර සභාවේ අදායම් වැඩිකරගන්නවා කියන්නේ බදු ගෙවන ජනයාට ලැබෙන ප්‍රතිලාබ වැඩිකරන්න වැඩි ඉඩක් හැදෙනවා කියන එක, ඒ් ක තමයි පළාත් පාලන‌ේ හැබැ අරමුණ.
ඒත් මිගමුවේදි වෙන්නේ මිගමුව බදුගෙවන ජනයාගේ සුබ සාධනය හදන්නට තියෙන ආදයම් දැන් කාලයක් තිස්සේ බුරු පොලවල් වල පැදුරට විසි වෙන එක.


ඒ් අපරාධය මිගමුව තුල වඩාත් හොදට කරගෙන යන්න දැන් මුලික වෙලා කටයුතු කරන්නේ මිගමුව එජාප සංවිධායක ඇතුලු නාට්ටාමිල ටික.
මිගමුවේ එජාප සංවිධායක කියන්නේ,මිගමුව ගැන පැත්ත ගියත් ඇත්ත කියන මිපුරට එරෙහිව මිගමු මහනගර සභා මුදලින් නඩු කියන්න ඔ්න කියල නගරාධිපති දයාන් ලංසාගෙ කරේ අත දාගත්තු කබ්බෙක්.
රනිල්ව 2024 රටේ නායකයා කරන්න හදන රංගේ බණ්ඩාරලට මේ මිගමුවම ගද ගස්සන ඒජාප මන්ත්‍රිලා ගැන කොයිතරම් පැමිණිලි කරත් වගේ වගක් නැ.
රංජන් කිව්ව වගේ මුන් ඔක්කොම යාලුවෝ මල්ලි .
කොහොම උනත් මිගමුවේ එජාපෙ සංගීත්, සුමිත්, නාමල් වැනි කොන්දක් තිබුන නාගරික මන්ත්‍රිලා අද මිගමුව තුල එජාපෙ රැකගන්න ලොකු සටහනක් දෙනවා .
ඒ සටනේ තිරාණාත්මක තැනක් තමයි බුරු පොලවල්වලට අවුරුදු 3 ක් තිස්සේ විසිකරන්න අදායම් හදල දෙන්න දුන්න ටෙන්ඩර ඒක අහෝසි කරල ප්‍රසම්පාදනය යටතේ නැවත මාස 6 ක් ඇතුලත ටෙන්ඩර් කරන්න කියල උසාවිය විසින් කියපු එක.
ඒජාපෙ කොන්දක් තියෙන මන්ත්‍රිල ටික දෙනෙක් ගේමට බැස්සේ වැඩේ අතඅරින්න නෙමේ කියන එක ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුලදි ඔප්පු වුනා.
එහෙම පැහැදලිව උසාවියෙන් නියෝගයක් ලැබෙන කොට මිගමුව මහනගර සභාවේ නිති නිළධාරිණිය කියනවලු අපි පැරදුනේ නැ කියල ,ඒ් නෝනාගෙන් අහන්න තියෙන්නේ සරල ප්‍රශ්ණයක්.
පැරදුනේ නැත්නම් මොන එහෙකට උසාවියෙන් කියන්නේ මාස 6 ක් ඇතුලත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ආයේ ටෙන්ඩර් කරන්න කියල .
ඒ කියන්නේ අවුරුදු 3 කට බිච් පාක් ඒක ටෙන්ඩර් දිල තියෙන ඒක වැරදියි කියලනේ උසාවිය කියල තියෙන්නේ .ඉතින් නඩු දාපු විපක්ෂයේ මන්ත්‍රිවරු කිව්වෙත් ඒ්ක වැරදියි කියලනේ .
ඉතින් කව්ද ඒතකොට දිනුම් .
මහනගර සභාවද? නඩු දාපු විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද ?
.අනේ නීති නෝනෙ මේක පොඩ්ඩක් මිගමුවේ බදුගෙවන මිනිස්සුනට පැහැදිලි කරල දෙන්නකො.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article