spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩඩ්ලි සේනානායක මාවතේ සංවර්ධන කටයුතු නිසා අද බසාර් එකට බාධා

Must read

IMG_0894-4

   මීගමුව නගරයේ ඩඩ්ලි සේනානායක මාවත සංවර්ධනය කිරීම හේතුවෙන් එහි සෙනසුරාදා දින සතිපොළට බාධා සිදුවී ඇත.මීට දින කිහිපයකට පෙර සංවර්ධනය කිරීමට ගැනුණ මෙම මාර්ගය සෙනසුරාදා දින පොළ සඳහා මීගමුව නගර සභාව විසින් ටෙන්ඩර් ලබා දී තිබුනි. දින 100 වැඩ පිළිවෙල යටතේ කඩිනම් සංවර්ධන පියවරක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලැබූ මුදලකින් මෙය මීගමුව නගර සභාව හරහා සංවර්ධය වේ.
   එම මාර්ගයේ වෙළදාම් කරන වෙළෙන්ඳන් හට කිසි දැනුම්දීමකින් තොරව අද දින වෙළදාම් කිරීමේන් වලකින ලෙස දැනුම් දී තිබේ. කෙසේ වුවත් අද බසාර් එක පවතින ස්ථානයේ තිබුණේ මදක් කලබල ස්වභාවයකි.  අනපේක්ෂිත සිදුවීමෙන් නොසිතූ ආකාරයට සිය වෙලදාමට බාධා ඇතිවීම නිසා ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් බ.ප.සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා හමුවීමට ද පැමිණියේය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article