spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවස් 7 ම ඇරලා සේවකයින් හෙම්බත් කරන වෙළදසැල්

Must read

මීගමුවේ  ව්‍යාපාර කරන  බෙහෝ  වෙළදපළවල් වල වැඩකරන සේවයින් හට සතියේ දින 7 ම වැඩකරන්නට සිදුව තිබෙන බව සේවකයින්ගේ පැත්තෙන් නැගෙන අදෝනාවකි. සුළු කඩ ප්‍රමාණයක හැරෙන්නට සියලූම කඩ ඉරිදාටත් හැර තබන බැවින් තමන්ගේ පුද්ගලික ජීවිතයට මෙය විශාල කරදරයක් බව ඔවුන් පවසති.
රත්තරන් බඩු විකුණන වෙළද සැල් වල සිට රෙදි පිළි, ආහාර හා වෙනත් ඉලෙක්ට්‍රික් උපකරණ ආදී සියලූම කඩවල් මෙම සේවක නිවාඩු කප්පාදු කරමින් ඉරිදාටත් විවෘතව තබන බව  සත්‍ය කරුණකි. මේ වෙළද සැල් වල සේවය කරන සේවකයින් බොහෝදෙනෙක් දුර පළාත් වල සිට පැමිණවිත් මෙහි නැවතී සිටිති.
ඔවුන් නිවාඩුවකට ගමේ යන්නේ ද සිංහල හෝ අලුත් අවුරුදු උත්සවයට පමණි. ඉරිදා නිවාඩු දිනය වැඩ කළත් විශේෂ වැටුප් වැඩිවීමක් සිදුනොවන බවද ඔවුන් පවසති.
මේ සදහා එක් හේතුවක් වන්නේ එක් ව්‍යාපාරික ස්ථානයක් ඉරිදාට හැර තැබුවහොත් අනෙක් ව්‍යාපාරිකයා ද තමන් ගැන පාරිභෝගික විශ්වාසය බිදෙන බැවින් ඔවුන්ට ද අකමැත්තෙන් හෝ වෙළද සැල හැර තබන්නට සිදුවීමයි.
තවත් කාරණයක් වන්නේ වසර ගණනකට කලින් මීගමුවේ වෙළදසැල් ඉරිදාට වසා තැබීමේ නීතිය මෙම නගරය සංචාරක කලාපයක් කළ පසු වෙනස් වීමයි.
නිමල් ලාන්සා අමාත්‍යවරයා විසින්  කරන ලද නිර්දේශ කිරීමක් මත මීගමුව නගරය සංචාරක කලාපයක් ලෙස නම්කරන ලදී. මේ සම්බන්ධයෙන්  මිගමුව පොලීසිය විසින් කරන ලද විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබදව සේවකයින් විසින් මතුකර සිටියත් මෙම සංචාරක පුරය පිළිබද හේතුවෙන් ඉරිදාටත් අනිවාර්්‍යයෙන් විවෘතව තැබිම නැවතත් ස්ථීර වී ඇත.
මේ සම්බන්ධයෙන් සේවක පාර්ශවයෙන් විවිධ පැමිණිලි යොමු කළද කම්කරු කාර්යාලය විසින් ද මෙතක් මේ ගැන පියවරක්  තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත. ඒමෙන්ම මීගමුව වෙළද සංගමය වෙතින් ද මෙම ඉල්ලීම කළ බවත් සේවකයන් හට පිළිගත් සංගමයකින් හෝ නමකින් එම ගැටලුව ඉදිරිපත් කරන ලෙසට සංගමය විසින් යෝජනා කර ඇත. නමුත් මිගමුවේ වෙළද සැල් වල සේවය කරන සේවකයින් හට තවමත් සංගමයක් නොමැත.

ඉරිදා නිවාඩුව දීමට කැමති ව්‍යාරිකයන් සිටියත් අන් අය විවෘත කරන නිසා ඔවුන්ට ද ඉරිදාට වෙළදසැල විවෘත කිරීමට සිදුව ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.
මේ ගැටළුව හැරෙන්නට තවත් ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අර්ථ සාධක නොගෙවීමයි. ඉතාම සුළු ප්‍රමානයක හැරෙන්නට බොහෝ අළෙවිසැල් වලින් EPF ETF ලබානොදෙන බව සේවක ආරංචි මාර්ග අනුව තහවුරු වේ.

කොච්චිකඩේ නගරයේ වෙළදසැල් ඉරිදාට නිවාඩු දෙන අතර වෙළද සංගමය ද මාසයකට වරක් රැස්වෙන බව  වාර්තාවේ.  මීගමුව වෙළද සංගමය රැස්වෙන්නේ ද කලාතුරකින් බව ඔවුන් පවසති.
කෙසේ හෝ කවුරුන් හෝ මැදිහත් වී තමන්ට ඉරිදා දිනය නිවාඩුවක් ගැනිමට හැකි අවස්ථාවක් කර  දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

NGSHOP

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article