spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සන්ධ්‍ය රාජපක්ෂට වෙන්නප්පුවෙන් කෝටි දෙකක ගෙයක් ??

Must read

වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා  පසුගිය වයඹ  පළාත් සභා  ඡන්දයේදී වෙන්නප්පුව ආසනයෙන් තරග වැදුණි. දේශපාලනයට පැමිණිීමට පෙර වෘත්තීයෙන් ගුරු වෘත්තියේ නියලුන ඔහු මේ වන විට පදිංචිව සිටින්නේ ලුණුවිල ප්‍රදේශයේය.
සන්ධ්‍ය රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලයේ වෙන්නප්පුව බස්නැවතුම්පළ පිළිබදව හෝ ලුණුවිල පාලම සෑදීමේ දී සිදුවූ ප්‍රමාදය හා වියදම් පිළිබදව පළාත් සභාවේදී එකදු  පිළිගත හැකි පිළිතුරක් ජනතාව වෙත ප්‍රකාශ කර නැත.
ඔහු පිලිබදව අලුත්ම ආරංචිය වන්නේ මේ වනවිට   වෙන්නප්පුව නගරය ඇතුළත පිහිටි කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් මිළදී ගෙන ඇති බවයි. පසුගිය කාලයේ ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට කැපවී වෙහෙස වී වැඩ කළ සන්ධ්‍යා රාජපක්ෂ මහතා මේ වන විට කෝටි දෙකහාමාරකට මිළදී ගත් නිවසට පදිංචි වීමට ප්‍රමාද වන්නේ සිය වත්කම් පිළිබදව ජනතාව දැනගන්නවාට ඇති බිය නිසා බවද නිල නොවන ආරංචි මාර්ග වලින් තහවුරු වි තිබේ. පසුගිය කාලයේ  දේශපාලනයෙන් හම්භ කරගත් මුදල් වලින් මෙම නිවස මිළදී ගන්නට ඇති බවද ප්‍රදේශ වාසීන් පවසති. එමෙන්ම  වෙනප්පුවේ ඇති මෙම නිවස මිළදී ගන්නට ඇත්තේ  අමාත්‍යවරයා ඉදිරි මැතිවරණය සදහා  වෙන්නප්පුවට පැමිණීමට  විය හැකි බවද ප්‍රදේශවාසීන් පවසති.10360343_571244396308485_5537411038128216812_n1800300_565356376897287_1510617688626592295_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article