තුර්කි ගුවන් යානයේ ටයරයක ගින්නක් .!

0
99

තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක ටයරයක ගින්නක් හටගැනීම නිසා එහි මගීන් ගුවන් යානයන් ඉවත් කිරීමේ සිදුවීමක් නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපලෙන් වාර්තාවෙයි. කත්මණ්ඩු නුවර ගුවන් තොටුපලට මෙම යානය ගොඩබෑමෙන් පසු මෙම ගින්න හටගෙන ඇති අතර ඒ හේතුවෙන් ගුවන් තොටුපළ පැයක කාලයක් වසා දැමීමට සිදු වූ බවද නේපාල බලධාරීහු උපුටාදක්වමින් මාධ්‍ය වාර්තා කරඇත.

ඉස්තාන්බුල් නුවර සිට පැමිණි එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත් මගීන් 277 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනාම ගින්න හටගැනීමෙන් පසු හදිසි දොරටු ඔස්සේ ආරක්ෂිතව ඉවත් කර ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

සිදුවීම සම්බන්දයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානය ටැක්සි කරන අතරතුර එහි ගොඩබෑමේ ගියරයේ දුමක් නිරීක්ෂණය වූ බවත්,හයිඩ්‍රොලික් නළයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දුම හටගෙන ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here