spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දයාන්ගේ පුද්ගලික රට සවාරියට මහජන බදු මුදල් ලක්ෂ 5 ක් ! ජවිපෙත් නිහඩයි !

Must read

MC sec and dayanමීගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පලාත් පාලන නීතියට නොව වැල්ලවිදයේ ලංසා පවුලේ නිතියයි .ය
එබැවින් පළාත් පාලන කොමසාරිස්වරයා පවා නියෝග දි තිබියදි පුද්ගලික රටසවාරියක් සදහා කිසිලෙසකින් වත් මහජන බදු මුදල් යොදා ගත නොහැක.
එහෙත් මිගමුවේ තුන්වෙනි පංතියේ, වැඩබලන කොමසාරිස්වරිය  ඇගේ වාසි ප්‍රයෝජනය තකා නීතිය ලග නමන බැවින් ඇය පළාත් පාලන කොමසාරිස්ටත්  එහා යමින් දයාන් ලංසාට රට සවාරියක් යන්නට මහජන බදුමුදල් ලක්ෂ 5 ක් සදහා නිර්දේශ ලබා  දි තිබෙන බව අප දැන් දිගින් දිගටම හෙළිකර ඇත්තෙමු.
මේ ගැන කිසිදු විපක්ෂ මන්ත්‍රිවරයෙකු  අද දිනයේ පැවැති මහසභා රැස්විමේදි කථා කලේ නැත.සැබැවින්ම කාවින්දගේ නිරුවත් අද මොනවට පැහැදිලි විය. ඔහු ඉතා පැහැදිලිව මිගමුවේ බදුගෙවන ජනයාව දිගින් දිගටම පාවා දෙන තවත් දේශපාලකයෙකු හැරෙන්නට වෙනත් ගතයුත්තක් නැත.
අරුමය වන්නේ ජවිපෙ මන්ත්‍රිවරුන් පවා මේ ගැන වගක්වත් නොදැන සිටිමය.
මීගමුව නියෝජනය කරන ජවිපෙ තිදෙනා පසුගිය කාලය තුල කිසිදු තීරාණාත්මත මැදිහත්විමත් කර තිබුන බවක් නම් අපට වාර්ථා වි නැත.
පසුගිය සමයේ ජවිපෙ නියෝජනය කරමින් ශිරාන් නාගරික මන්ත්‍රිවරයා තනි සටහනක් දෙමින් වැරැද්ද දුට තැන නැගිට පහර ගැසුවද අද ජවිපෙ ඉන්නේ බරපතල නිද්‍රාවකය..
කොන්දක් ඇති විපක්ෂයක් නැති කළ ලංසා පවුලේ නීතිය මිගමුවේදි පළාත් පාලන නීතියද අතික්‍රමණය කර තිබේ.මීගමුව අද මුහුණ දි ඇති අනික් ඛේදවාචකය වන්නේ කොන්ද පණ ඇති ප්‍රතිපත්තිගරුක සිවිල් සමාජයක් නොමැතිවිමය.
ව්‍යාපෘතිවලට පමණක් සුපිළිපන්න කම් ගැන කටමැත දොඩවන ,සාමාජ සාධාරණත්වය ගැන සතිපතා දුසිම් ගණන් රැස්විම් තබා තමන්ගේ අරමුදල් සපවක විදෙස් හාම්පුතුන් පමණක් සතුටට පත්කිරිම් වෙනුවෙන් වාර්තාවන් යවන මිගමුවේ සිවිල් සංවිධාන යනු සැබැවින්ම ඛේදවාචකයකි.එබැවින් සැබැවින්ම මිගමුවේ ඇත්තේ සිවිල් සාමජයක් නොව හිවල් සමාජයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article