spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවල් මිගෙල් ……..

Must read

මෙවර මැයි දින සැමරැම ඉතා තිරාණාක්මක වන්නේ යුද්ධයේ නිමාවෙන් තෙවසකට පසු ලංකාවේ පොලොව තුල ජාතික ප්‍රශ්ණයට විසදුමක් වෙනුවෙන් බලවේග පෙළගැසි ඇති අයුරැ කැටපතක් බදු ලෙසින් පැවැති මැයි රැළි හරහා ලකුණු වි තිබිම හේතුකොටගෙනය.

ලංකා ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ආණ්ඩු බලයේ සිටින අය විසින් කිසියම් විසදුමක් ජාතික ප්‍රශ්ණය අරභයා ගොනු කරන කල්හි විපක්ෂය එයට එරෙහිව විදි බැස සමස්ථ සමාජය පුරාවට ජාතිවාදය මුදාහැරිමයි.

එහෙත් මෙවර  යාපනයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය යනු තිස්වසකට වැඩි කාලයක් මේ රටේ ජනයාය පෙළු යුද්ධයට එරෙහිව දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකර ලිම සදහා මේ රටේ ඒ වෙනුවෙන් තිරණාත්මක තින්දු ගතයුතුව තිබෙන ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක සහ සෙසු පක්ෂද එක්ව උතුරේදි පැවැති අතිශය තිරාණාත්මක ප්‍රකාශමානවිමයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමගිය සදහා වු මේ යොමුව අවුල් කරන්නට පෙරමුණ ගෙන කටයුතු කරන සජිත් පාර්ශයට ආවඩන්නට ජනතාව බස් වලින් යවා තම සංවිධායක ධුර බේරාගැනිම ඇතුළු අනෙක් දෑ වෙනුවෙන් සුළු පිරිසක් කැටුව යාපනයට ගිය මේ කලාපයේ අවස්තාවාදි දේශපාලකයන් අප හෙළිදරව් කරනුයේ මේ රටේ සෑබෑ සාමයක් වෙනුවෙන් ජනමාධ්‍යයේ  නිවරදි මෙහෙවර හදුනාගෙන ඇති බැවිනි.

කටාන ආසනයේ රෝස් ප්‍රනාන්දු අප්‍රෙල් 30 වනදා සජිත් ප්‍රේමදාස මහතාව මීගමුවට කැදවා තිබුනේ කට්ටුවේ සහ දූවන යන දේවස්ථානවලට සසුණට අරුණ යටතේ මුදල් ලබාදෙන්නටය. මේ ජනහමුවිම් වලදිද  කොළඹ පැත්වෙන ප්‍රේමදාස ගුණඅනුස්මරණයට සෙනග ගෙන යාම සදහා වන ප්‍රචාරය ඉතා ඉහලින් සිදු කර තිබුණි. මේ සියළු මැදිහත්විම් හරහා බස් දෙකක් පිරෙන්නට සෙනග කටාන ආසනයෙන් කොළඹට පටවා කැබ්රථයක නැගි රෝස් ප්‍රනාන්දු මහත්මිය යාපනයට ගොස් පෙළපාලියේ ගියේද මේ කැබ් රථයේ නැගිය.ඇයට අවශ්‍ය වන්නට ඇත්තේ තමන් යාපනයට ආව යැයි වඩාත් උඩකින් සිට පෙන්වාලන්නට විය යුතුය.

අපට රෝස් ප්‍රනාන්දු මෙනවිය හා පුද්ගලික ආරෝ නැතත් මේ රටේ ජාතික ප්‍රශ්ණයට විසදුම් සෙවිමේ බරපතල අවශ්‍යතාවක් තිබියදි එයට අකුල් හෙලන්නට කටයුතු කරන්නට එරෙහිව අපේ විරෝධයන් ලකුණු කරන්නට අප කිසිවිටකත් පසුබට නොවෙමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article