spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දසුන් ශානක නායකත්වය දුන් පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Must read

pakistan-vs-sri-lanka-1

ඊයෙ (05) ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර විස්සයි විස්ස තරගවලියේ පළමු තරගය පැවැත්විණි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුනු 165ක් ලබාගැනීමට සමත් විය. එහිදී දක්ෂ පිතිකරණයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 38දී ලකුණු 57ක්ලබාගැනීමට සමත් විය. නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස වරම් දිනාගත් භානුක රාජපක්ෂකද පන්දු 2කදී ලකුණු 32ක් වාර්තා කිරීම කැපී පෙනිනි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල පාකිස්ථාන කණ්ඩායම ලකුණු 101කට දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64ක ජයක් වාර්ථා කිරීමට සමත්විය. එහිදී නුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන අතරේ කඩුළු තුන බැගින් බෙදී ගිය අතර ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේද දස්කම් කැපී පෙනින.

ඒ අනුව ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම වල පළමු ස්ථානයේ රැදී සිටින පාකිස්ථාන කණ්ඩායම නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. දසුන් ශානක නායකත්වය ලබාදුන් ඔහුගේ පලමු තරගයේදීම ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙයවීම කැපී පෙනුන අතර නවක කණ්ඩායමක් සමග ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමට හැකි වීමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article