spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දින 27 පසුකරන තෙල්වත්ත හන්දියේ අරගල බිම ……..

Must read

අද ⁣( 17 )මීගමුව , තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමිය 27 වන දිනය පසුකරමින් සිටී. අරගලයේ ස්වරූපය මේ වනවිට වෙනස් වෙමින් ඇත. අරගලය සඳහා මැදිහත්වූ පිරිසේ යම් අඩුවක් පවතින නමුත් , තවමත් අරගලය ඉදිරියට ඇදෙමින් පවතී. ඊයේ

පෙරේදා (16) පැවති ජනතා උද්ඝෝෂණය තුළ දැනට සිදුවන රජයේ සහ අනෙකුත් පාර්ෂවයන්ට දක්වන ජනතා විරෝධය නැවත වරක් සනිටුහන් කරන ලදී .

” අරගල කරුවන්ට පහර දුන් මැරයෝ නිදැල්ලේ . ගෝඨා බුදි”

“මීගමුවේ මුස්ලිම් ජනයාට හිරිහැර කළ මැරයන්ට විරෝධය “

” ඝාතකයන් නිදැල්ලේ
වහා අත්අඩංගුවට ගනිව්.”

” මර්දනයට තිත තබනු . අරගලයට හිස නමනු.”

” ජාතිවාදය අවුස්සන්න රාජපක්ෂලාට ඉඩ නොදෙමු.”
යනාදී වශයෙන් අැති පුවරු රැගත් උද්ගෝෂකයෝ පවතින තත්ත්වය ඉදිරියේ සාධාරණත්වය ඉල්ලා සිටිති. මන්ද මේ වනවිට අසාධාරණයන්ට එරෙහිව අරගල කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් බිය ගැන්වීම පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතී . නමුත් රටේ අද මතුව ඇති මේ තත්ත්වය ඉබේ පහළ වූවක් නොවන බව අපි දනිමු. ජනතාව අදත් ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම් වල දැඩි පීඩාවට ලක්වී සිටී.එබැවින්
මෙය කිසිවෙකු තම හිතූමතයට නිර්මාණය කළ එකක් නොව.

රටේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්ණ විසඳාලීමට අසමත් පාලක පන්තියක් සහ දැවෙන ප්‍රශ්ණ ඉදිරියේ ජීවත්වීම අසීරු තත්ත්වයකට පත්වූ ජනතාවක් සහිත මෙම තත්ත්වය වෙනස් කල යුතුය . ඒ සඳහා පෙළගැහෙන මෙන් රටේ සියළු දෙනාට අප ආරාධනා කරමු….

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article