ජනතා ද්‍රෝහී පාලනය තුළ කළු පැහැගත් පොහොට්ටු……

0
47

[5/16, 12:26 PM] Sam Dilog:

රාජපක්ෂවරු බලය ලබාගත්තේ පොහොට්ටුවේ ලකුණ තුළිනි. එදා මෙම ලකුණ ජනතාවගේ ගැලවුම්කාර පාර්ශවය නියෝජනය කරන ලකුණ විය. මැතිවරණයෙන් පසු ඒ සඳහා මැදිහත්වූ සියළු දෙනා කිරිබත් කමින් , රතිඤ්ඤා පත්තු කරමින් තම සතුට එකිනෙකා අතර බෙදාගත්හ. නමුත් අද එසේ
69 ලක්ෂයකගේ ඡන්ද වරමක් ලබා බලයට පත් රාජපක්ෂ පාලනය ජනතාවගේ ඉමහත් පිළිකුලට ලක්ව ඇත.


රටපුරා රෝහල් තුළ , වැඩබිම් තුළ වැඩ වර්ජන නිර්මාණය විය . ගුරුවරුන් , විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව පවතින තත්ත්වයන්ට එරෙහිව පාරට පැමිණ උද්ඝෝෂණය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි දසුනක් විය . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාට එරෙහිව ගෝඨාගම ගාලු මුවදොර මුල් කරගෙන නිර්මාණය විය. මැයි 9 දින මුළු මහත් රටම සහභාගි කරගත් හර්තාලය ජනතා විරෝධයේ කූඨ ප්‍රාප්තියට පත්වූ අවස්ථාවක් විය.


ඉන් අනතුරුව ඇතිවූ ජනතා විරෝධයන්, ප්‍රහාරාත්මක එකක් බවට පත්විය. අප අකමැති වුවද රටේ නිර්මාණය වූ මෙම තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ ඔළු මාරුව දක්වාවූ ගමන නැවත වරක් ජනතාව පීඩාවට පත් කරන එකක් මිස විසඳුමක් දක්නට නැත . පොහොට්ටුවේ දේශපාලනය කළු පැහැගෙන ඇත. එය යථාතත්වයට පත්කළ නොහැක .