spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිස්ත්‍රික් මහරෝහල් 5 ක් මධ්‍යම රජයට ! මිගමුවට යළිත් කුඩම්මාගේ සැලකිලි ?

Must read

NGB-hospital-new-buildig-පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම  රජයට පවරා ගැනෙනු ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ.
මෙම දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම රජයට පවරාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩල අනුමැතියද ඉල්ලා ඇත.
මෙම රෝහල් පහේ සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව තිබේ.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශවලට මෙම රෝහල් වඩා හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් නොමැතිවීම නිසා, මෙසේ මධ්‍යම රජයට පවරාගැනීමට තීරණය කර තිබේ.
මේ අනුව ඉහත සදහන් රෝහල් 5 ට මිගමුව අයත් නොවේ. ජාත්‍යන්තර ගුවන් තොටුපල ,සංචාරක කර්මාන්තය ,නිදහස් වෙළද කලාපය ඇතුළු සියලුම තත්වයන් යටතේ මිගමුවට වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබුනද රජය යළිත් වරක් මිගමුවට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වා තිබේ.
විශේෂයෙන්ම කොරෝනා වෛරස් ආසදන තත්වයක් යටතේ මීගමුව රෝහලට ඉතා වැඩි අවධානයක් රජය විසින් යොමුකල යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article