spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝධායන කටයුතුවලට රජය මුදල් අය කිරිම ගැන විදෙස්ගත ශ්‍රිලාංකිකයන්ගේ විරෝධය !

Must read

මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන කටයුතු සදහා  මඩකලපුව බලා අද පෙරවරුව් පිටත්ව ගියා. ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු සහ විදේශීකයන් දෙදෙනෙකු ඊට අයත්.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානට යන රටවලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කෙරෙනවා. ඔවුන් මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර ඇති  නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි  යොමු කෙරෙන්නේ. මේ සඳහා රජය විශාල වියදමක් දරනවා. නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ ප්‍රවාහන සේවා ඒ අතර වනවා. නිරෝධායන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් දින 15 කට ආහාර පාන සඳහා පමණක් එක් අයෙකුගෙන් රු.7500 ක මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙය දළ වශයෙන් දිනකට‍ෙ රුපියල් 500 ක් පමණ වන බව අයි.ටි.එන් පුවත් සේවයේ වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ.itn news
කෙසේ වෙතත් මේ පිලිබදව දැනටමත් දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන්න පටන් ගෙනය.ඒ විශේෂයෙන්ම විදෙස්ගතව සිටින ශ්‍රිලාංකිකයන්ගෙනි.89706520_10218716904728011_7148918088610611200_n

ඉතාලිඉතාලි 2

දේශපාලුවන් වෙනුවෙන් කෝටිගනන් කාබාසිනියා කරන අපේ රටේ විදේශවිනිමය ගෙනෙන රටවැසියන් කියා උන්ම හංවඩු ගැසූ මිනිසුන්ගෙන් නීරෝදායනයට 7500/= අය කිරීම තරයේ හෙලා දකිමි. සැමට සමානව සැලකීම යන ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ මූලික අයිතිවාසිකම උල්ලන්ගනය කර ඇති අතර චීනයෙන් ගිය අයට එක ක්‍රමයකටත් අනිත් අයට තවත් ක්‍රමයකටත් සැලකීම ඉතා පහත් නින්දිත ක්‍රියාවකි. මේ මොහොතේ බස් රත 8කින් වාලච්චේනට අරන් යන කොරියාවේ සිට පැමිනි 168 ක් සහ ඉතාලියෙන් පැමිනි 13ක් මේසදහා දැඩි විරුද්දත්වය ප්‍රකාශ කර ඇත
ලක්දේස් විජේසිංහ – මොන්සා – මිලානෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article