spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාරට පොලිතින් දාන රාත්‍රි පොළේ වෙළදුන්ට දැඩි දඩුවම් දිය යුතුයි!

Must read

NGB kunu 1මීගමුවෙ ⁣සෙනසුරාදා රාත්‍රී පොලේ සිදුවන සියල්ල සිදු වෙන්නෙ අවිධිමත් ආකාරයටයි..
පොල භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවේ රක්ෂිත ඉඩම් එය නගර සභාවෙන් අත්පත් කරගෙන අැත්තේ අනවසරයෙන්.. එය ඔවුන් පොල සඳහා කාලෙන් කාලට වෙන්දේසි කරනවා..
වෙන්දේසිවලදී ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය වන්නේ මුදල් එකතු කිරීමම පමණයි.. මෙම රාත්‍රී පොල ඇරඹීමෙන් පසුව එම ස්ථානයේ ඇති මීගමුව දුම්රිය මාර්ග පරීක්ෂක කොට්ඨාශ කාර්යාලය අවහිරවනවා. රාගම සිට බෝලවත්ත ප්‍රදේශය දක්වා දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය පීලි පැනීම් ඇතුළු සියළුම දුම්රිය මාර්ග හදිසි ආපදා තත්ත්වයන් යථාවත් කිරීම් සිද කරනු ලබනුයේ එම කාර්යාලයෙන්.
රාත්‍රී පොල ආරම්භ කළ මුල්කාලයේදී මීගමුව දුම්රිය මාර්ග පරීක්ෂක කොට්ඨාශ කාර්යාලයේ සිට හදිසි ආපදා තත්ත්වයකදී අවශ්‍ය නඩත්තු උපකරණ හා අනෙකුත් යන්ත්‍රෝපකරණ හදිසි අවස්ථාවකදී ඉවත් කරගැනීම සඳහා කුඩා ඉඩකඩක් වෙන්කර තැබීමට එකඟතාවයක් තිබුනා. නමුත් දැන් එම කොටස්ද අදාල පොල අයිතිකරුවන් විසින් වෙඳළාම් කිරීමට ලබා දෙනවා.
මෙම ⁣රාත්‍රී පොල අවසන් වීමෙන් පසුව එය නගර සභා සේවකයන් අතුගා පිරිසිදු කිරීමට පෙර එම මාර්ගය රථවාහන සඳහා විවෘත වනවා..
වාහන වල ධාවන වේගයත් සමඟින් ⁣ඉවතලූ පොලිතින් අපද්‍රව්‍ය අසල ඇල මාර්ග හා කානු වෙත යොමු වෙනවා. ඒවා පොලිතින් වලින් නිතරම අවහිරවයි පවතින්නේ.. ඒ සමඟම නගර සභාව තවත් ඒ අසල ඇති දුම්රිය මාර්ග පරීක්ෂක නිල නිවසට අසල ඇති දුම්රිය රක්ෂිත ඉඩමක් නීත්‍යානුකූල නොවන ලෙසින් තම සන්තකයේ තබා ගෙන එහි තාවකාලික කඩ කාමර ඉදිකොට, එහි ආදායම් ලබා ගන්නවා. ඒ අසල මාර්ගයේ පවා අනවසර ඉදිකිරීම් කර හිතවත්කම් මත ලබාදී තිබෙනවා. එ්තැන් වල එකතු වන අපද්‍රව්‍ය සඳහාවත් නිසි කළමනාකරණයක් නැහැ.
මේ ආකාරයටම නගර සභාව බදු පදනම යටතේ ලබාගත් මීගමුව කොච්චිකඩේ දුම්රිය බඩු ගබඩාව ආස්‍රත දුම්රිය රක්ෂිත ඉඩම බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ලෙසින් රදවා ගෙන බදාදා රාත්‍රී පොලක් පවත්වාගෙන යනු ලබනවා.. (කොච්චිකඩේ පොලිසිය ඉදිරිපිට ඉඩම) එහි අපද්‍රව්‍ය මඟින්ද බලවත් පරිසර විනාශයකට මග පාදනවා.. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඇත්තටම වැඩ වැරැද්දව යුතුව ඇත්තේ කාගේද යන්න දෙවරක් සිතා බැලිය යුත්තක්..
නගරයේ බදු ගෙවන වැසියෙක්
Type a message…
 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article