spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාසල් වල බාලදක්ෂ ව්‍යාපාරයට මීට වඩා රජයෙන් සහය ලැබිය යුතුයි – නීතීඥය උපුල් ජයසූරිය

Must read

ඡායාරූප / චතුරංග මදුරාවල /
මීගමු දිසා බාලදක්ෂ රැලිය මේ වන විට මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාපිටියේදි පැවැත්වේ.
ආරම්භක උත්සවය අද (05) සවස 02.00 ට පැවැත්විය.
මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති හා නීතීඥය සංගමයේ සභාපති ගරු නීතීඥය උපුල් ජයසූරිය යන මහත්වරුද, විශේෂ ආරාධිතයින් වශයෙන් නීති ආධාර කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු මහතා, ආසියා පැසිෆික් කලාපිය කමිටු සාමාජික හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, බස්නාහිර සහ දකුණු පළාත් භාර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් නීතීඥ කපිල කල්‍යාණ මහතා, විශ්‍රාමික රියල් අද්මිරාල් රොහාන් අමරසිංහ මහතා ඇතුළු තවත් ආරාධිතයින් රැසක් මේ සදහා සහභාගීවිය.     

          මෙහිදී උත්සවය අමතා  නීතීඥය සංගමයේ සභාපති ගරු නීතීඥය උපුල් ජයසූරිය මහතා
 
    “පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරයට මීට වඩා රජයෙන් සහය ලැබිය යුතුයි.පාසල් සිසුන් වශයෙන්ද තරුණ තරුණියන් වශයෙන් සිතුම් පැතුම් හා අධ්‍යාපනයේදි පමණක් නොව ජීවිතයේ ප්‍රශ්න වලදී මුහුණ දීමට අද මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන ආභාෂය ලොකු පිටුවහලක් වේවි.
  පාසල් ශිෂ්‍යාවන් හා බාලදක්ෂ මානව මානවිකාවන් හැටියට කිසිම විටෙක තමුන්ගේ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට තමුන්ගේ වන්දනීයත්වය පිදිය යුතු නැහැ.මොන බලයක් තිබුනත් ඒ කිසිම කෙනෙක් ඉදිරියේ නැමිය යුතු නැහැ.ඔවුන්ට වැද නමා අචාර කිරීමට පුරුදු වෙන්න එපා.ඒ අපි ඉගෙන ගත්ත පාඩම.අප ඔබට දිය යුතු ආදර්ශය එයයි.” IMG_9815-1 IMG_9897-7 IMG_9876-6

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article