spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෑලියගොඩට මාළු ගන්න ගිය වෛද්‍යවරයෙකුටත් කොරෝනා වැළදිලා ….

Must read

doctor-web1-825x412වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මුලික රෝහලේ කොටසක් වසා දැමිමට සිදුවූ බව එම රෝහල් බලධාරීන් සඳහන් කරන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
මෙම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු පසුගිය සෙනසුරාදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති බවත් ඔහු පසුගිය සඳුදා යළි සේවයට වාර්තා කොට ඇතැයි වැඩිදුරටත් එහි සඳහන්ය
මෙම වෛද්‍යවරයා රෝහලේ සායනික කටයුතු, වාට්ටු රාජකාරි මෙන්ම ශල්‍යාගාරයේ ද සේවය කොට ඇති අතර පෑලියගොඩ මත්ස්‍ය සංකිර්ණයේ ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදුකොට ගෙන ඇත.

ඊයේ(23) දිනයේදී ලද PCR වාර්තාව අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නිසා රෝහලේ කොටසක් වසා දැමීමට පියවර ගත් බවයි එම රෝහලේ ප්‍රධානි වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන සඳහන් කරයි.

කෙසේ වුවත් රෝහලේ භාහිර ප්‍රතිකාර ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබේ

මෙම යුද හමුදා කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී මෙම යුද හමුදා කපිතාන්වරයාට වෛරසය ආසාදනය වෙන්නට ඇති බවට අනාවරණය වී ඇත

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කොට තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article