spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රිෂාඩ් ආණ්ඩුවට …????

Must read

Rishardපාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් වන නෂීර් අහමඞ්, අලි සබ්රි රශිම්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික් යන මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කලහ.

මේ ගැන පැවැති සාකච්චාවකදී සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්චා වී ඇත්තේ එම මන්තී‍්‍රවරුන් සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන පක්‍ෂ නායකයන්ගේ උපදෙස් අනුව බව විමල් විරවංශට අයත් ලංකි සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඉන් පෙනි යන්නේ බැසිල් රාජපක්ෂට මේ පිරිසේ ඇති පක්ෂපාති භාවය යැයිද දේශපාලන කව වල මේ දිනවල කථා බහට ලක්වෙමින් තිබේ.
එමෙන්ම රිෂාඩ් සැගව සිටිම,රියාඩ්ට ඇප ලැබිම, උසාවි පවත්වන දිනයක රිෂාඩ්ව රහස් පොලිසිය විසින් සොයාගැනිම ආදි කරුණුද මෙම දේශපාලන කතිකාවන් තුල වේ

නුදුරේදීම රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකිම් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට නියමිත බවද සමගි බලවේගයේ රැස්විමේද  සාකච්චා වී තිබෙන බවද වැඩිදුරටත් එහි ලංකා සි නිව්ස් විසින් අවධාරණය කර තිබේ..

මේ අතර 20 ව්‍යවස්ථා සංශෝධනයට පෙර සමගි ජන බලවේගය කණ්ඩායම් හමුවෙදීද උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
මේ අතර රවුෆ් හකීම් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අතර ඇතිව තිබුන උණුසුම් වචන හුමමාරුවක් ගැනද ලංකා සි නිව්ස් වාර්ථා කොට තිබේ.එයට හේතු වි ඇත්තේ රවුෆ් හකිම් විසින් තමන්ට වෙන්කර ඇති විනාඩි 15 ක කාලය ප්‍රමාණවත් නොවන බව කියා සිට ඇති නිසාය

කෙසේ වෙතත් උණුසුම් වචන හුවමාරුවකින් පසු අවසානයේ කිරිඇල්ල මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් එජාප නායකයා සමග කල සෙල්ලම් නැවත සමගි ජන බලවේගය තුල සිදු නොකරන ලෙසය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article