spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුත්තලම ගැන අප්පුහාමිලාට කියන්නට අමතක වු ඇත්ත

Must read

hectorරටේ ජනතාවට තේරුම් ගන්න පුලුවන් අත් දකින්න මේ පාලනයන්හි වෙනස අපේ ලැයිස්තුවේ කුඩු කාරයෝ නැ අපේ ලැයිස්තුවෙ එතනෝල් ජාවාරම් කාරයෝ නැ ඒ නිසාම එදා ජනවාරි 8 වෙනිදා දිස්ත්‍රික්කය ජයග්‍රාහණය කරමින් අප විසින් ඒ සිදුකල වෙනස ලබන අගෝස්තු 17 වෙනිදා යෝධ  හැරවුමක් වන බව අපට විස්වාසයි. අපි දකිනවා යැයි පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. ඔහු එසේ පවසා තිබුනේ නාත්තණ්ඩිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ තරුණ සම්මේලනයට එක් වෙමිනි.
එහෙත් හෙක්ටර් අප්පුහාමිලාට කියන්න බැරි වු එක දෙයක් ඇත.

එනම් පුත්තලම් දිස්තික් ලයිස්තුවේ පසුගිය කාලය තුල මහින්ද රාජපක්ෂගේ රෙජිමය ගෙදර යවන්නට  අවංකව කාලයක් තිස්සේ  ජනතා අරගලයක් ගෙන ගිය එකදු අපෙක්ෂකයෙකු හෝ නැති කම ගැනයි
දිස්ත්‍රික් නායකයා වු නිරෝෂන් සැගවුණු අමුත්තෙකු වු මිස මහින්ද එලවා දැමිමේ සටනට දිස්තික්කයේ ජනතාව පෙළගස්වන්නට කිසිවක් සිදු කළ අයෙක් නොවේ.
පක්ෂය දිනවිම ගැන හිතනවා වඩා තමන්ගේ පරාජය ගැන පමණක් සිතා  පක්ෂයේ දක්ෂයන් ඉතා සියල්ලන්  දංගෙඩියට යැවිමට පමණක් අති දක්ෂ කම් තිබුවෙකි.
රංග බණ්ඩාර යනු මහින්ද කරට අතක් දාගෙන පෙරළෙන පිට හොදයි කියන්නට බලා සිටි පක්ෂයේ නායකයා එරෙහිව කටයුතු කළ බලලෝභියෙකි.
හේකටර් අප්පුහාමි යන මහින්ද එළවිමේ සටනට සත පහක් හෙළවුයේ  නැති පළාත් සභා අරමුදල් වැඩිමනත් සසිය පවුල් වල සබ සාධනයට යෙදවු මන්තිවරයෙකු විය.
ඒ තබා මැතිවරණ සමයකදි පවා තම පාක්ෂිකයන්ට තමන්ගේම පෝසටරයක් හෝ ඇලවිමට පාන් පිටි ටිකක්වත් අරන් දුන්නේ නැති අයෙක් ලෙසින් මුළු පුත්තලම් දිස්තික්කය පුරාම ප්‍රසිද්ධ කරුණකි.
මේ ගැන සාක්ෂි ඇවැසි නම් තොඩුවාවේ සිය පධාන ආධාරකරුවන්ගේන බිරින්දැ වරුන් ගෙන අසාදැන්ගන්නට හැකිය.
මහජන සේවය සදහා ලබාදුන් තිරුබදු රහිත වාහනය නිවස තුළ රෙද්දක් පොරොව පරිස්සම් කළේ කොයි මන්ත්‍රීවරයා ද යන්න පවා අද පසිද්ධය.
එබැවින් පුත්තලම් දිස්තික්කය සදහා ඉදිරිපත් කර ඇති පධාන අපෙක්ෂකයන් යනු මහින්ද එලවන්නට පසුගිය වසර ගණනාවක් පුරා කිසිදු අවංක මැදිහත්විමක් නොකළ බහුතරයකි.
මේ අයගේ චණ්ඩි කථා අසා සිටින විට ඒ අයගේ ඉතිහාසය හොදින්ම දන්නා   ප්‍රදේශයේ ජනයාට හිනා යන්නේ පස්සා පැත්තෙනි.
මේ අය ගැන ලියන්නට තවත් බොහෝ දැ ඇත.පක්ෂය දිනවිය යුතුය.
මහින්ද පරාජය කළ යුතුය.

ෆයස් පනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article