spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාර් ඇරියත් සූර් වෙන්න ජනතාවට මුදල් නැතැයි හෙළිවේ !

Must read

රට පුරා මත්පැන් අලෙවිසල්  විවෘත කර ඇතත්  ඒවායින් ලැබෙන ආදායම  සියයට 60 කින් පමණ අඩුවී ඇතැයි  සුරාබදු දෙපාර්තමේන්තුව පවස තිබුණි .සාමාන්‍ය දිනකදී මත්පැන් අලෙවි සල්වලින් රුපියල් කෝටි 50ක පමණ  ආදායමක් ලැබුණද  දැනට ලැබෙන්නේ රුපියල්  කෝටි 20 කටත් වඩා අඩු  ආදායමක් බව  සුරාබදු දෙපාර්තමේන්තුවේ  උසස් නිලධාරියෙක් පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත.

ජනතාව අත මුදල් නොමැතිවීම  නිසා මත්පැන් අලෙවිසල් වෙත  ඇදී ඒම  සීමා වීම ආදායම අඩුවීමට  ප්‍රධාන හේතුව බවද හෙතෙම සඳහන් කළ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

මෙයට අමතරව  පොදු ප්‍රවාහන සේවය නතරවීම, රජයේ සහ පෞද්ගලික ආයතන සේවකයන්  සියලුම දෙනා  සේවය සඳහා නොකැඳවීම, විනෝද ගමන් හා ප්‍රිය සම්භාෂණ  නතර වීම,  මත්පැන්  පාවිච්චිය සඳහා ස්ථානීය  මත්පැන් අලෙවිසල් සහ  අවන්හල්  විවෘත නොකිරීම  මත්පැන් අලෙවිය අඩුවීමට   බලපා ඇති සෙසු හේතු බව  දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා සියලු මත්පැන් අලෙවිසල් කොන්දේසි සහිතව  පසුගිය  17 වැනිදා විවෘත කෙරිණ.

විවෘත කෙරුණු දින   මත්පැන් අලෙවිසල්වලට  විශාල වශයෙන් ජනතාව රැස්වූ බවත් පසුදින වසා දමාවි යැයි යන සැකයෙන්  ඔවුන් මෙසේ කටයුතු කළ බවත් සුරාබදු නිලධාරීහු පවසති.

මත්පැන් අලෙවිසල්වලට  ජනතාව පැමිණීම  සැලකිය යුතු ලෙස  අඩුවී ඇතැයි මත්පැන් අලෙවිසල්  හිමියන් පවසන බව  ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති
මේ අතර මත්පැන් විවෘත කිරිමට පළමු තිරණය ලබාදුන්නේ කව්දැයි යන කරුණ තවමත් පැහැදිලි නැතත් ඒ් ගැන ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විවිධ විග්‍රයන් ඉදිරිපත් කර තිබුණි.
මේ අයගේ එක ප්‍රකාශයනයක් වි තිබුනේ ආණ්ඩුවෙන් ජනතාව රු 2000 සහ 5000 ඉල්ලා සිටියද බාර් ‌පෝලිම දුටු විට ජනතාව ලග සල්ලි නැතැයි යන කරුණ බොරුවක් බවද කියා සිටින්නට පවා කටයුතු කර තිබුණි.
එහෙත් දැන් පෙනි යන්නේ බාර් ඇරියත් පදමට නිතිපතා සූර් විමට ජනතාය ලග මුදල් දැන් නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article