spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද හිල්ටන් එකෙන් කාපු බිල ගෙවලත් නෑ ?

Must read

MR hiltonචෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇතැයි දිනමිණ වාර්තා කර ඇත.

එම ආහාර වේල සැපයූ හිල්ටන් හෝටලයට රුපියල් ලක්ෂ අනූහතරේ අදාල බිල ගෙවීම පැහැර හැර ඇති බව හෙළිදරව් වී තිබෙන බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසා ඇත.

රුපියල් ලක්ෂ අනූහතරේ ආහර බිල 2013 ඔක්තෝබර් මාසයේ 11දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නමට හිල්ටන් හෝටලය නිකුත් කර ඇත.

ජනවාරි අටවනදා පරාජයට පත්වී මැදමුලනට යනතෙක් එම බිල ගෙවා නොමැති බවත් නලීන් බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා කියා සිටී.

එම ලක්ෂ අනූහතරේ බිලට අයත් වන උදෑසන ආහාර කීපයක් මෙසේය.

කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,

කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,

ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්

තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්

මිහි කොසොං,

ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්

මිහි මල්බෙරි මෆින්ස්

මෙම කෑමවේලට අයත්වුන පලතුරු ජාති දහසයකි.

ඒ තැඹිලි මද, කොළ කෙසෙල්, රතු කෙසෙල්, කෝලිකුට්ටු, දොඩම්, පෙයාර්ස්, ජමනාරං, රතු සහ කොළ ඇපල්, පීඩ්, කොළ සහ රතු මිදි, පේර, අන්නාසි, කොමඩු, පැෂන්ෆෘට් යන ඒවාය.

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ‍ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක දහය මාධ්‍ය හමුවේදීය.

මෛත්‍රීගෙන් ලැබෙන්නෙ ඉඟුරු බිස්කට්

මෛත්‍රීපාල ජනාධිපතිතුමා රනිල් අගමැතිතුමා රජයේ මුදල් වැයකරමින් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරයේ සාද නොපවත්වන බවද ඔහු එහිදී කියා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වීම් සඳහා සහභාගිවුවත් ලැබෙන්නේ ඉඟුරු විස්කෝතු සමඟ තේ බවද ඔහු කීය.

අගමැතිතුමා අරලියගහ මන්දිරයේ සාද පැවැත්වුව ද ඒ සඳහා තම පෞද්ගලික මුදල් වැය කරන බව ඔහු කීය.

Hilton1 600px 15 07 07

 http://www.sinhala.srilankamirror.com
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article