spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයෙකුට පිළිතුරු දීමට මාස 3 කුත් මදිදි ?

Must read

35bbf94a871a32d39696432df46d6d5bවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේස් අංශය  වෙත ලබාදී ඇති ඉල්ලීම් හා ලිපිගොනු සදහා ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන විදෙස්ගත විශ්‍රාමිකයන්ගේ මැසිවිලි හා චෝදනා රාශියක් තිබේ. මොවුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ විශාල සේවයක් හා කැපකිරීමක් සිදුකළ ගෞරවනීය පුරවැසියන් වන අතර  වර්තමාන රජයෙන්වත් විදෙස්ගත විශ්‍රාමිකයන්ගේ ගැටලු වලට ඉක්මණීන් සහනයක් ලබාදීමේ ක්‍රියාමාර්ගයක් ගන්නා ආකාරයක් පෙනේනට නැත. අපට විසින් කරන ලද සේවයට රජයෙන් ලැබිය යුතු සේවය අප්‍රමාදය ඉටුකරනු දැකීම ඔවුන්ගේ  බලාපොරොත්තුවයි.
අප විසින් ගොණු කරන ලිපිගොනු ලැබුණාද නැද්ද එවායේ යම් දෝෂයක් තිබේද යන්න ගැන අප නැවත නැවතත් , දුරකථන හරහා විමසිය යුතු අතර එම දුරකථන ඇමතුම් වලදීද බොහෝ වාරයක් කාලය අපතේ යැවීම් සිදුවේ. විමසා සිටියේ නොමැති නම් මාස ගණනක් යනතුරුත් පිළිතුරු නොලැබේ. හිග මුදල් ලබාගැනීම වැනි කාරණා වසර ගණන් දිගඇදේ. මේවා දියුණු වන රටකට නොගැලපෙන අතර අඩුම ගණනේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදෙස් අංශයට අප විසින්  එවන ලද ලිපිගොණු වලට අදාළ විශ්‍රාමිකයා හට නැවත කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි නම් එම ක්‍රියාවලිය ඉතාමත් අශෝබන  බව අවධාරණය කරනු කැමැත්තෙමු. ලංකාව තුළ තවමත් තොරතුරු දැනගැනීමේ නීතිය සම්මත නොවී ඇති නිසා නිලධාරීන් මෙසේ හැසිරෙන අතර යහපාලනය පිළිබද සිහිනය අපට කල්දමා ගැනීමට සිදුව තිබේ.

මැක්ෂි පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article