spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍ය නිදහස වෙනුවෙන් වු උතුරේ අරගලය දකුණේ මාධ්‍යවලට ඇලජික් වුනේ ඇයි ???

Must read

mEDIA pROTEST (7)FB_IMG_1602779704435මුලිතිව් ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් සිදුකරගෙන ගිය ජාවාරම ගැන නොබිය හෙළිකිරිමට පියවර ගත්ත උතුරේ මාධ්‍යවේදින් දෙදෙනෙකු තිරිසන් ප්‍රහාරයකට ලක්ව තිබුනි.
මේ පහරදිම හේතුවෙන් එක් මාධ්‍යවේදියෙකුගේ දත් දෙකක් කැඩි ගොස් මුහුණට මෙන්ම තොල්වලට බරපතල තුවාල සිදුව තිබුණි. අනික් මාධ්‍යවේදියාගේ නාසයට එල්ල වි තිබුන ප්‍රහාරය හේතුවෙන් මුලතිව් රෝහලේ සිට යාපනය රෝහලට මාරු කර යවා තිබුණි.
මේ ප්‍රහාරයට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් පසුගියදා මුලතිව් නගරයේදි උතුරේ සියලුම මාධ්‍ය කණ්ඩායම් එක්ව සංවිධානය කර තිබුණි.
සැබැවින්ම මේ තරම් එඩිතර සහ අර්ථාන්විත  ප්‍රබල උද්ඝෝෂණය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවැති පළමු අවස්ථාව මෙය විය යුතුය.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදි සිය මාධ්‍ය සගයන් 39 දෙනෙකු අහිමි ගියද ඔවුන් අදත් අරගලය මාවතේය.mEDIA pROTEST (8)mEDIA pROTEST (11)
කණගාටුවට කරුණ වන්නේ මේ සා ප්‍රබල විරෝධතාවයක් දකුණේ බහුතරයක් සිංහල මාධ්‍යවලට පුවතක් නොවිමය.
අඩුම තරමින් ප්‍රධාන ධාරව රාජපක්ෂලා සරණ යන මාධ්‍ය භාවිතයක සිටිනා බැවින් විකල්ප ධාරව විසින් මෙයට කඩහඩක් දි තිබුණේ නැත.
රටේ ලෝකයේ සියළු දැ  පළකරන ප්‍රවෘත්ති වෙබ් අඩවි පවා මෙම අරගලය පළනොකර සිටිම විසින් කියා සිටින යථාර්ථය කුමක්ද ?
ඒ අනුව බලන කළtheleader.lk වෙබ් අඩවිය දිගින් දිගටම උතුරේ ජනඅරගලය හා බැදුනු පුවත් මෙන්ම විශේෂයෙන්ම මේ මාධ්‍යවේදින්ගේ අරගලය ගැන පුවත් ගණනාවකටම ප්‍රබල අවධානයක් යොමුකර තිබුණි.

උතුරට සමාජයක් තිබේ. එහි පුරවැසියන් සිටි.එමෙන්ම මාධ්‍යකරුවන්ද සිටි. අරගලකරුවන්ද තවමත් අරගල අත්හැර නැත.එහෙත් දකුණ සමාජයක් නැතිව සේම දකුණේ  මේ බොහොමයක් කණ්ඩායම් අතර පුරවැසියන් මෙන්ම මාධ්‍යවේදින් නැත,
එබැවින් අරගලද නැත..mEDIA pROTEST (2)

තේක්ක කැලයක් කපා විනාශ කරන දැව ජාවරම්කරුවන්ට  එරෙහිව උතුරේ මාධ්‍යවේදින් විසින් පොලිසියේ ප්‍රධානියෙකුට හා වන සංරක්ෂණේ නිළධාරිණියකටද සංකේතාත්මකව තේක්ක පැලය මගින් ලබා දි තිබුණි

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article