spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ උසස් නිළධාරීන්ට හදිසි ස්ථාන මාරු.?

Must read

මීගමුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරිවරියට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදිමට අදාල බලධාරීන් විසින් කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මිගමුව වැනි මහනගර සභාවකට අවම තරමින් ගණාකාධිකාරි තනතුරු 3ක් වත් තිබිය යුතුව ඇතැයි ජේෂ්ඨ නාගරික.මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.ගණකාධිකාරිවරියට මෙසේ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දි ඇත්තේ අනුප්‍රාප්තිකයෙකු හෝ නැති පසුබිමක බවද වාර්තාවේ.

තතු එසේව තිබියදි සිටින එකම ගණකාධිකාරිවරිය මාරුකර යැවිම පිටුපස ක්‍රියාත්මක කුමන්ත්‍රණයක් කුමක්දැයි මාධ්‍ය විසින් මතුකල යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙයට අමතරව ප්‍රධාන පරිපාලන නිලධාරියා මෙන්ම ප්‍රධාන ඉජිනේරු නතතුරු දරන අයද මේ වන විට මහනගරසභාවේ සේවාවෙන් ඉවත්ව ගොස් ඇතැයි සැලය.

මෙවර මහසබාවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති දුෂිත ගණුදෙනු පිලිබදව මේ උසස් රාජ්‍ය නිලිධාරින් ගේ යම් යම් නොඑකඟතා පැවැති බවද පසුගිය දිනවලදි වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article