spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනිස් ජීවිත මෙන්ම එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසයද, ගෞරවයද, අප රැකගත යුතුයි.!”

Must read

GettyImages-1060748862“මිනිස්සුන් මැරුණු පසුව ඒ දේහයට කළ යුතු ප්‍රායෝගිකව නිවැරදිම දේ කරන්නෙ මුස්ලිම් ආගමේ. ඒ තමයි එම්බාම්වත් නොකර එක දවසින් පෙට්ටි මුකුත් නැතුව සුදු රෙද්දක ඔතලා දේහය වළදාන එක. සල්ලි තිබුණත්, නැතත් හැම කෙනාටම අත්වෙන්නෙ එකම අවසානයක්. ඇත්තටම කිසිම වටිනාකමක් නැති කුණුකයකට එම්බාම් කරලා, ඇඳුම් අන්දවලා, විසබීජ පතුරව පතුරව දවස් ගනන් ෆෝමලීන් ගගහා, එක එක ගණන් පෙට්ටි වල දාලා තියන් ඉන්න එකට වඩා ඒක කොයිතරම් ඉදිරිගාමීද, යතාර්ථවාදීද? ඒත් මේ ආගම කියන දෙයෙහි තියෙන සංකීර්ණත්වය බලන්න, එහෙම මේ ශරීරය ගැන, ජීවිතය ගැන තේරුම් ගත්ත ආගමම ඒක වළදානවද, පුච්චනවද කියන සංකල්පය එක්ක ආයිත් මිත්‍යාවකම හිර වෙලා, කොටු වෙලා.

සියලුම ආගම්වල තියෙන මිත්‍යාවන්ට එරෙහිවන කෙනෙක් විදිහට මගේ අදහස නම් ව්‍යසනයක් නිසා හෝ මිනිස් ජීවීන් විදිහට අපිට කලාතුරකින් එකව මුහුණ දීමට ලැබෙන මැවැනි මොහොතක්වත් අපිට පාවිච්චි කරන්න බැරිනම් අපිටම පසක් කරගන්න මනුෂ්‍යත්වයට, ස්වභාවධර්මයට ඉහලින් කිසිවක් නැහැ කියලා අපි මේ මගහැර ගනිමින් සිටින්නේ ඒ සඳහා අපිට ලැබුණු අගනාම අවස්ථාවක්.

කෙසේවෙතත් WHO හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව COVID-19 වසංගතයෙන් මියයන සියලුම මිනිස්සුන්ට ඔවුන් අදහන ආගම, විශ්වාස කරන සංස්කෘතිය අනුව ගෞරවාන්විත අවසානයක් ලබාදිය යුතුයැයි ඔවුන් නිකුත් කර ඇති ‘WHO COVID-19 මඟපෙන්වීම් පත්‍රයේ’ දැක්වෙනවා. ඒ අනුව විශේෂිත පටිපාටියකට, අධීක්ෂණයකට අනුව සිදුකෙරෙන ආදාහනය වගේම වළදැමීමත් ඔවුන් අනුමත කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිර්දේශ කරන සෞඛ්‍ය අධීක්ෂක වරයෙකු ඉදිරියේ ආරක්ෂිත අත්වැසුම් සහ මුහුණු ආවරණ සහිතව පවුලේ අයට මෙම මරණවල අවසන් කටයුතු සඳහා සහභාගී වෙන්න පවා පුලුවන්. ලංකාවේ මෙතෙක් සිදුවුණු මරණ දෙකමටම ජාතිභේදයකින් තොරව එවන් ගෞරවාන්විත හා අගමානුකූල අවසානයක් ලැබුනේ නැහැ. මේ මරණ දෙක අවසාන මරණ දෙක වේවායි ප්‍රාර්ථනා කළත් මේ සංවාදය අත්‍යාවශ්‍යයි.

මරණයක දුක ඉතුරුවෙන්නෙ ජීවත්වෙලා ඉන්න අයටයි. ඒ නිසා ඒ මරණ වල ගෞරවාන්විත බව වෙනුවෙන් ගත හැකි පියවරක් ඇත්නම් තම පුරවැසියන්ගේ එකිනෙකට වෙනස් සංස්කෘතික අයිතීන් ගැන සංවේදීව රජය එම පියවර සෞඛ්‍යාරක්ෂිතව ගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ පැවසුවත් ශ්‍රී ලංකා රජයට එම ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි තරම් සාධාරණ හේතු ඇත්නම්, දැඩි ආගම්වාදී ජනතාව සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්ම ගැන සිතා මේ මොහොතේ රජය ගන්නා තීරණ වලට එකඟ විය යුතුයි.

මෙවැනි මාරාන්තික වෛරසයක් නිසා විනාස විය හැකි මිනිස් ජීවිත මෙන්ම මේ ව්‍යසනයෙන් පසුව යලි නැගී සිටීම සඳහා එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසයද, ගෞරවයද, වටිනාකම්ද අප සමාජයක් විදිහට මේ මොහොතේ රැකගත යුතුයි…!”
(සමනලි ෆොන්සේකා ගේ මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article