spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කෙරේ …..

Must read

1602141847-police-Lමිනුවන්ගොඩ  පොලිසියේ ආපන ශාලාවේ   හිමිකරු   කොරෝනා ආසාදිතයකු බවට  වාර්තා වීමත් සමග  ඊයේ (8)  සිට වසා දමා තිබු මිනුවන්ගොඩ පොලිසිය  අද(09) පස්වරු 2.00  ට පමණ යළිත් විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිසිය හා එහි සියලු ගොඩනැගිලි,  විෂබීජහරණය කර සෞඛ්‍ය අංශයේ  නිර්දේශ මත  පොලිසිය යළි මහජනතාව වෙනුවෙන් විවෘත කළ බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ගම්පහ  අවට  පොලිස් ස්ථානවලින් සහ පොලිස් අභ්‍යාස ආයතන  6 කින්  කැඳවූ 80 ක පමණ නිලධාරීන්  මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරි සඳහා කැඳවා ඇත. මීට පෙර එම පොලිසියේ රාජකාරි කළ  ස්ථානාධිපතිවරයා ඇතුලු 85 දෙනා  නිරෝධායනය සදහා යෙමුකර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලවේ හිමිකරුගේ  පුතෙකු බ්‍රන්ඩික්ස් සේවය කර තිබුන අතර ඔහුද කොවිඩ් ආසාදිතයෙකු බව හදුනාගැනිමෙන් පසු ආපනශාලා හිමිකරුගේද PCR වාර්ථා වලට අනුව ඔහුත් ආසාදිතයෙකු ලෙසින් හදුනා ගෙන තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article