spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිපුර කර්තෘට පහරදුන් අයගේ ඇප ප්‍රතික්ෂේපයි – විමර්ශන නි.පොලිස්පතිවරයෙකු යටතට

Must read

මීපුර වෙබ්  අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ නඩුව අද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර  වැලිවත්ත මහතා  ඉදිරියේදී කැදවන ලදී.
එහිදී , මෙම නඩුවට සම්බන්ධ  දුරකථන දත්ත ලැබී මාසයක්  ගතවී ඇතත් මේ සම්බන්ධව  පැහැදිලි පිළිතුරක් දීමට  පොලීසිය අසමත් වන්නේ ඇයිද යන්න ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීගමුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අතර  ඔහු පවසා සිටියේ විමර්ශනය සදහා කාලය ප්‍රමාණවත් නොවු  බවයි.
විමර්ශන කටයුතු ප්‍රමාදය  සම්බන්ධයෙන්  පැමිණිල්ලේ නීතිඥවරුන් පවසා සිටියේ බී වාර්තාවේ මුල් කටඋත්තර වල සදහන් පරිදි කතෘතුමන් විසින් තමන්ට මීගමුව හිටපු නි. නගරාධිපතිවරයාගෙන් දුරකථන  තර්ජනයක් තිබුණ බවට පැහැදිලිව ඉදිරිපත් කර තිබියදී මෙය නොසලකා  හැර පොලිස් පරීක්ෂණ සිදුකරන බවයි.
එමෙන්ම හිටපු  නියෝජ්‍ය නගරාධිපති සහ  පළමු සැකකරු අතර පහරදීම සිදුවූ දින දුරකථන සංවාද 13ක් සිදුවී ඇති බවත් ඊට පෙර මැයි මාසයේ කිසිදු දුරකථන ඇමතුමක් නොමැති බවත් සදහන් කළ අතර මෙය නීතිමය ප්‍රකාරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන්  සාධාරණ සැකයක් මතුකිරීමේ හේතුවක් බවද පැමිණිල්ලේ නිතිඥ දන්ත නිරංජන මහතා විසින් අවධාරණය කරන ලදී.
මේ සම්බන්ධව පොලිස් විමර්ශන බරපතල ලෙස ප්‍රමාද බවට ප්‍රධාන  මහේස්ත්‍රාත්වරයා විසින් මීගමුව පොලීසියට දැනුම් දෙන ලදී.
පසුගිය 28 වනදා හදුනාගැනීමේ පෙරෙට්ටුව කැදවූ අවස්ථාවේදී ප්‍රධාන සැකකකරු විසින් මීපුර කර්තෘවරයාට සිදුකළ තර්ජනය හේතුකොට ගෙන ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර මේ සම්බන්ධ පොලිස් විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ යටතට පත්කිරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කරන ලදී.මෙම නඩුවේ විමර්ශන කටයුතු සදහා සතියක කාලයක් අධිකරණය විසින් ලබාදුන් අතර නැවත නඩු විභාගය ජුලි මස 12 වනදාට කැදවීමට නියමිතය.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ දන්ත නිරංජන හා නීතිඥ චාමර ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article