spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිහින් ලංකා වංචා දුෂණ සේවිම ඇරඹේ ! සරත් ගුණරත්න යළිත් බිලිබෝයි වෙයිද ?

Must read

sarath10(8.00am ) රාජපක්ෂ සමයේ සිදුව ඇති බරපතල වංචා දුෂණ 34 ක් පිළිබද පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වෙනිදාට යෙදි ඇත.
මිහින් ලංකා තුල සිදුව ඇති දුෂණ අක්‍රමිකතා සේවිම මින් එකකි.
එයට අදාල ගැසට් පත්‍රයට ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අත්සන් තැබු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
රාජපක්ෂ සමයේ නියෝජ්‍ය ගුවන් ආමාත්‍යවරයාව සිටි සරත් ගුණරත්නට මේහිදි වගඋත්තර බැදිමට සිදුවනු නියත බව දේශපාලන විචාරකයෝ කියති.
චමල් රාජපක්ෂ එහි එවකට එම විෂය පතයේ ඇමතිවරයා විය.
සරත් ගුණරත්න යනු ශ්‍රිලනිපයේ දුෂකරම සමයේ එය අතහැර නොගිය .පැවැති භිෂණයට මුහුණ දුන් අයෙකි.
එමෙන්ම හිත හොද දේශපාලකයෙකි.
එහෙත් දැන් ඔහු දැවන්ත දේශපාලන කුමන්ත්‍රණයක අහිංසක බිල්ලක් බවට පත්වි හමාරය.
නිමල් ලංසා පවුල විසින් දැන් අටවා ඇති මේ දේශපාලන කුමන්ත්‍රණයෙන් සරත් ගුණරත්නට ගැලිමක් නැත.
ගෙදර ගියෝත අඹු නසි.මගහිටියෝත තෝ නසි තත්වයක් දැන් මතුව තිබේ.
මේ තත්වය ගැන සරත් ගුණරත්නටත් වඩා දන්නේ සුජාතාය.ඒ ඇය සරත් ගුණරත්න වටේ ඉන්න ඇත්ත චරිත ගැන මෙන්ම දුෂ්ටයන් ගැනද ඉතා හොදින්  දන්නා බැවිනි.
ලංසා පවුල විසින් මේ අටවමින් ඇති කෙමනෙන් ගැලවිම ගැන සරත් ගුණරත්න කල්පනා කරන ප්‍රමාණයට ඔහුගේ දේශපාලන අනාගතය නිදහස් වනු ඇත.
එසේ නැතිනම් ඔහුව දේශපාලනික විශ්‍රාම යැවිමට පමණක් නොව බිලිබෝයි කෙනෙකු කිරිමටත් ලංසාල දැන් කටයුතු කරමින් සිටි.
ක්ලෙමන්ට් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article