spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ නගර පාලනය වලපල්ලට යැවු නාගරික මන්ත්‍රිලා රැසක් මෙවර පොහොට්ටුවෙන් මිගමුවට ?

Must read

dayan 5MC membersමීගමුව නගරයේ පාලනය වලපල්ලට යැවු ශ්‍රිලනිපයේ බහුතරයක් නාගරික මන්ත්‍රිලා මෙවර ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවෙන් මීගමුව මහනගර සභාව සදහා තරග කිරිම සදහා අවස්ථාව ලැබෙනු ඇතැයි වාර්ථාවේ.
මේ අය ගැන මෙවර මැතිවරණයේදි ඡන්දදායකයන්ට තින්දුවක් ගන්නට ඇත්තේ සරල පරික්ෂණයකි.
මේ නාගරික මන්ත්‍රිලා මීගමුව මහනගර සභාවට ඒමට පෙර සිටි තත්වයත් දැන් ඔවුන්ගේ දැන් ඇති වත්පොහොසත්කමත් යාන වාහන අලුතින් නිවාස තනා ඇති අන්දමත් ගැන විමසිලිමත්ව සොයා බලන්න .
එවිට මේ අය ඇත්තටම වැඩකර ඇත්තේ මීගමුවේ බදු ගෙවන ජනයාටද නැතිනම් ඒ අයට සහ ඒ අයගේ පවුලවලදැයි දැනගැනිම ඉතා පහසුවනු ඇත.
මේ අය අතර පසුගිය වසර 8ක නගර සභා පාලන කාලය තුල එකදු වචනයක් මහනගර සභා රැස්වමේදි කථා නොකළ මන්ත්‍රිලාද සිටින බවද අමතක නොකරන්න.ඒ අතර නගර සභා පාලනය හා හැප්පෙමින් තම ඡන්දදායකයන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළ අතලොස්සක්ද වෙයි.
ඒ කෙසේ වෙතත් මේ අයගෙන් බහුතරයක් වෙනත් කිසිදු රැකියාවක් හෝ ආර්ථික කටයුත්තක් නොකළ අයවලුන් වන අතර අප දන්නා තරමින් කර ඇත්තේ පුර්ණ කාලින දේශපාලනය පමණි.
මහනගර සභාවෙන් ලැබුන මාසිද දිමනාව රු 150000 කත් වඩා අඩුය.
ඒ අනුව වසර 08 කාලය තුලදි මේ අයගේ දියුණුව ගැන විමසා දැනගැනිම් වඩාත් පහසු වනු ඇත.ඒ අනුව මේ අයගෙන් යළිත් මීගමුවේ බදුගෙවන ජනයාට සේවය කිරිම සදහා යැවිය යුත්තේ කව්රුන්වදැයි තින්දු කර ගැනිම එතරම් අසිරු කටයුත්තක් නොවන බව පැහැදිලිය.

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article