මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට වධහිංසා කල ගුරුවරයෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ ඇරඹේ . .

0
66

.

මීගමුව, වැල්ලවිදීය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ” මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ” සිසුන්ට අමානුෂික ලෙස මානසික හා ශාරීරික වධහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් මීගමුව, මූලස්ථාන පොලිසිය, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැදගත් කරුණු රැසක් අද දින (08/10/2026) වාර්තා කර තිබේ. මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු විසින් සිසුන්ට මෙම පීඩා සිදුකරන බවට පසුගියදා ” හිරු ” රූපවාහිනි නාලිකාවේ ” සී.අයි.ඒ. ( CIA) ප්‍රවෘත්ති විශේෂාංගය මගින් තොරතුරු වාර්තා කිරීමත් සමඟ මෙම සිදුවීම සමාජයේ දැඩි කතාබහට ලක්විය.

මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, මාධ්‍ය වාර්තා මත පදනම්ව විශ්වවිද්‍යාලයේ සිටි සිසුන් 11 දෙනෙතුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවා ඇතුළු තවත් සිසුන් 04 දෙනෙකු අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවද සඳහන් කළේය.

සිද්ධියට අදාළව, සංස්කරණය නොකළ දර්ශන පොලිසිය වෙත ලබා දෙන ලෙස මාධ්‍ය ආයතන වෙත නියෝගයක් නිකුත් කරන මෙන් මිගමුව, මූලස්ථාන පොලිස් නිලධාරීන්, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය එම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ , ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත්, උප පොලිස් පරීක්ෂක අතපත්තු සහ සැරයන් සිසිර කුමාර යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා වු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමාජයේ දැඩි අවධානයකට හා කතාබහකට ලක් ව තිබේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here